subash
ශ්‍රී ලාංකික හතරකගේ ඩොලර් බිලියන 1935 ක විදෙස් ගිණුම් තොරතුරු හෙළිවේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන කාලයේ දී අයථා ලෙස උපයා ගත් යැයි සැකකරන ශ්‍රී ලාංකිකයින් හතර දෙනෙකු සතු ඩොලර් බිලියන එක් දහස් නවසිය තිස් පහකට ආසන්න මුදලක් මෙතෙක් තැන්පත් කර තිබූ ඩුබායි බැංකුවෙන් හිටි හැටියේම බහමාස් බැංකුවකට මාරු කර ඇති බවට තොරතුරු රජය වෙත වාර්තා වී තිබේ.
ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතා ඇවන්ගාඩ් පෞද්ගලික ආරක්ෂක සමාගම පිළිබඳ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත මත ඔහු එම ධුරයෙන් ඉවත් කිරීම ගැන ජාතික විධායක සභාවේ දී සාකච්ඡා කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (15දා) තහවුරු කළේය.
මෛත්‍රීගේ නායකත්වය පිළිගෙන බුලත් කොළයෙන් එන්නැයි විමල්ට ආරාධනා
ඉදිරි මහ මැතිවරණයේදී බුලත් කොළය යටතේ තරග කිරීමට ද ඒ සඳහා එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්ණ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස ද මහාචාර්ය තිස්‌ස විතාරණ, ඩියු ගුණසේකර සහ විමල් වීරවංශ යන මහත්වරුන් නායකත්වය දරන පක්‍ෂවලට ආරාධනා කිරීමට ද එජනිස පක්‍ෂ නායකයන් තීරණය කර ඇත.මෙම පක්ෂ නියෝජිතයන් එජනිසය යටතේ තරගකරනු ලැබුවද එම සංධානයේ හවුල් කරුවෝ නොවීය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායකට දැඩි විරෝධයක් එම සංස්ථාවේම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.
ජනාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.
රාජපක්ෂලාට ගොට්ට අල්ලන දිස්ත්‍රික් ලේකම්වරුන් ගැන චෝදනා
පසුගිය පාලන සමයේදී රාජපක්ෂවාදී ලෙස කටයුතු කළ දිස්ත්‍රික් ලේකම් වරුන් ගනනාවක් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා අගමැති වරයා වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නව ආණ්ඩුව පත් වීමෙන් පසුව රජයෙ සංවර්ධන කටයුතු හිතා මතා අඩපණ කර නව ආණ්ඩුව සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ඒවා නැතැයිද එම කටයුතු අත් හිටුවා ඇතැයිද ආදී වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දීමත් අඩක් නිම කර තිබු සංවර්ධන කටයුතු හේතුවෙන් මහජනතාව අපහසුවට පත් කිරීමට කටයුතු කිරීමත් මොවුන් විසින් සිදු කොට ඇත.
වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව පෙනෙන්නේ ආණ්ඩුව පදනම් වූ මතවාදය තුළ තමන්ට අනුමැතිය දුන් ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමය. රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේදී තම ජනයා රඳවා තබා ගැනීමේ මතවාදය ලෙස ජාතිවාදය පාවිච්චි කළේය.
ජේ.ආර්. කියන්නේ ධනපති ක්‍රමය වෙනුවෙන් ජීවිතය කැප කරපු කෙනෙක්. ඔහු ධනපති ක්‍රමයේ ඉදිරිය බලලා ඒකට වුවමනා අඩිතාලම දාන්න ජීවිතය කැප කරපු පාලකයෙක්. මහින්ද රාජපක්ෂ වැඩවසම් ක්‍රමයකට අඩිතාලම දාන්න උත්සාහ කරපු නායකයෙක්. ඒක තමයි ජේ. ආර්. ගෙයි මහින්දගෙයි වෙනස. ලංකාවේ බලයට පත් වෙච්ච නරකම පාලකයා විදියට මම මහින්ද රාජපක්ෂව දකිනවා.
මෙරට සංවර්ධන යෝජනා ක්‍රම නිසා වෙනස් වූ ලංකා සිතියම සංශෝධනය කර මුද්‍රණය කර ඇතැයි මිනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා පවසයි. විශේෂයෙන් ම හම්බන්තොට වරාය, නැඟෙනහිර පාලම් පාරු හා සපත්තු පාලම් වෙනුවට ස්ථිර පාලම් යෙදීම නිසා සිතියමේ මාර්ග රැසකට නව සංශෝධන ඇතුළත් කිරීමට සිදුවූ බව හෙතෙම පෙන්වා දෙයි.
පූර්විකාව
විශ්වයේ පවතින සියල්ල වෙනස් වුව ද වෙනස් නොවන යමක් වේ. එනම් ‘‘වෙනස් වීම’’ ම ය. මෙසේ ‘‘වෙනස් නොවන වෙනස්වීම’’ විශ්වයේ ජීවත්වන මිනිසා ඇතුළු සියලු සතුන් මෙන් ම ස්වභාව ධර්මයට ද එක සේ බලපායි. ස්වභාව ධර්මය මෙය විඳ දරා ගන්නේ කෙසේ ද?, සතුන් මෙය විඳ දරාගන්නේ කෙසේ ද? යන්න ඇතැම් විට වටහා ගැනීමට සහ දරා ගැනීමට හැකි වුව ද මිනිසා නමැති සත්වයාගේ වෙනස් වීම වටහා ගැනීම අසීරු ය.
