subash

subash

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතූමා හා ඉන්දියාවේ විිදේශ ලේකම් එස් ජයශංකර් මහතා විසින් නිල හා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර දරන්නන් වීසා ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලදී.

මේ දිනවල දේශපාලන ක්ෂෙත්‍රයේ විවාදාපන්න මාතෘකාව වී ඇත්තේ  පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් වන කඹ ඇඳිල්ල ගැනය. 

ඉන්දියාවේ රෝ ඔත්තු සේවාව ඇමරිකානු සී. අයි. ඒ. සංවිධානය හා බ්‍රිතාන්‍ය එම්. අයි. 6 ඔත්තු සේවාව එක්‌ව පසුගිය ජනාධිපතිවරණයේදී තමා පරාජය කරන්නට කුමන්ත්‍රණය කළ බවත්, එසේ වුවද ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෝ ඉන්දීය රජය ඊට සම්බන්ධ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන්දියාවේ හින්දු පුවත්පතකට ප්‍රකාශ කර තිබේ.

මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට එරට අධිකරණය මගින් වසර 13ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

දිවි නසා ගැනීමට පෙලඹිය හැකි ළමුන් ගැන කල් තියා හඳුනා ගෙන දෙමාපියන්ට අනතුරු ඇඟවීම සඳහා ස්මාට් ෆෝන් ඇප්ලිකේෂන් (Smart Phone App) භාවිතා කිරීමට දකුණු කොරියාව අනුමැතිය ලබා දී තිබේ.

කලකට ඉහත දී වසා දැමුණු ප‍්‍රමුඛ බැංකුවේ තැන්පත්කරුවන් සතු සියලූ තැන්පත් මුදල් ලබන අපේ‍්‍රල් මාසයට පෙර ගෙවා දමන්න ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුවට උපදෙස් ලබා දී අැත.

මංගල දිනයේදී මනාලිය විසින් මනාලයාට ඉදිරිපත් කරන ලද සරල ගණිත ගැටළුවකට නිවැරදි පිළිතුර ලබා දීමට මනාලයා අපොහොසත් වීම නිසා විවාහ වීම ප්‍රතික්ෂේප කර මංගල උත්සවයෙන් පිටව ගිය මනාලියක පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14)අනුරාධපුරය, තෙලයිමන්නාරම සහ යාපනයේ සංචාරයක නිරතවේ. මෙම සංචාරයේදී අනුරාධපුර රුවන්වැලි මහසෑය සහ ජය ශ‍්‍රී මහබෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා අපේක්‍ෂා කරයි. තලෙයිමන්නාරමේ දී, තලෙයිමන්නාරම - මැදවච්චිය දුම්රිය මාර්ගයේ තලෙයිමන්නාරම සිට මඩු දක්වා කොටස විවෘත කිරීමට අග‍්‍රාමාත්‍යවරයා සුදානමින් සිටී.

වසර 25කට පසු තලෙයිමන්නාරම් තොට සිට දුම්රිය ධාවනය ඉන්දීය අගමැතිතුමා සහ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.50ට ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන මූල්‍ය වංචා 12ක් පිළිබඳව, මහා පරිමාණ මුල්‍ය වංචා අපරාධ විමර්ශණ කොට්ඨාසයට ලැබි ඇති පැමිණිලි අනුව විමර්ශණ කටයුතු ආරම්භ කළ බව පොලීසියි කියයි.

Connet With Us