subash
අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තරබාරු බව. තරබාරු නැති උනත් අපි හැමෝම කැමතියි නිරෝගී හැඩති සිරුරක් පවත්වාගෙන යන්න. ඒත් ඉතින් ඒ වෙනුවෙන් ව්‍යායාම කිරීම හරිම කම්මැලි වැඩක් වෙන්න ඇති. ඒවගේම ව්‍යායාම කිරීම සඳහා gym එකකට යන්නත් ඔබ අකමැති ඇති. ඒ වෙනුවට ඔබට නර්තනයේ යෙදෙන්න පුළුවන්.
සමාජ සුබ සාධන සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා, පසුගියදා සීගිරියේ කැටපත් පවුරේ තම නම ලිවීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක් නියමවූ සින්නතම්බි උදයා තරුණියට සියලු දෙනා අනුකම්පා කළ යුතු බව පවසයි.
රාජපක්ෂගේ චීන පෙම්කෙළිය දොරේ ගලා යෑම - නිලන්ත ඉලංගමුව
ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි.
බොරැල්ල නගරය කියන්නෙ අතිශය ජනාකීර්ණ ස්ථානයක්. හැම වෙලාවෙම මිනිස්සු ගැවසෙන, වාහන නළා හඬින් වගේ ම දූෂිත වායුවෙන් අවට වසාගත්ත ස්ථානයක්. එවැනි තැනක කලා කටයුත්තක නියැළෙන්න පුළුවන්ද? යථාර්ථය නම් බැහැ තමයි. මොකද කලා නිර්මාණයක් කරන්න හිතට නිදහසක් තිබෙන්න ඕන.
ජනාධිපති මොනව කිව්වත් පොළොන්නරුවේ බොරළු ජාවාරම ජයටම වෙනවා
රටේ ප්‍රබල දේශපාලකයකුගේ සමීප ඥාතියකු විසින් සිදුකරමින් තිබෙන නීති විරෝධී බොරලූ කැපීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ කෙරෙන මෙම ජාවාරම නීත්‍යානුකූල බව හැඟවීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් අවසර පත් ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියේ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මෙම ජාවාරම් කරුවා ලබාගෙන ඇති බවත් වාර්තාවේ.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ සිය එංගලන්ත සංචාරයේදී බ්‍රිත්‍යාන්‍ය මහ රැජින දෙවන එළිසබෙත් මුණ ගැසුණු අවස්ථාවෙනේ කොන්ද කඩාගෙන නැවෙන නැවිල්ලක් සහිත ඡායාරූපයක් මේ දිනවල සමාජජාලාවල අපහාසාත්මක වදන් සහිතව පැතිරෙමින් තිබේ.
බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට පැරණි පෙම්වතියගෙන් තෑග්ගක්
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වන රුබෙල් හොසේන්ට එරෙහිව අධිකරණයේ ගොනු කර තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවක් ඉල්ලා අස්කර ගැනීමට එරට නිළියක් කටයුතු කරන බව පැවසේ.
ක්‍රිස්තු පූර්ව 89 දී මෙරට රජකම් කළ වළගම්බා රාජ්‍ය සමය අළලා නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණය ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයයි.
අලුතින් ඇතිකරන ලද පොලිස් මුල්‍ය වංචා පරීක්ෂණ ඒකකය, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටින බව වාර්තා වේ.
කොළඹ නගර සභාවේ හෝටල් ආහාර හා ජලය විශ්ලේෂණය, සේවකයින්ගේ රසායනාගාර පරීක්ෂණ අයතා ලෙස පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් නගරසභාවට ලැබියයුතුව තිබු මිලියන 30 ක පමණ ආදායකම් අහිමි වී ඇති බව වාර්තාවේ.
