subash
සසුනට අරුණ වැඩසටහන යටතේ ලුණුගම්තවතහරල කුඩාගම්මාන 5 ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානතේ අභිනවතයන් ඉදිකෙරෙන චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු සදහා මුල්ගල් ත්‍ැබීතම් උත්සවය සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් අද (10)පැවැත්වුණි.
පසු විපරමක් සිදුවුවත් සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නතර කර නෑ.- ගයන්ත(audio)
වත්මන් අාණ්ඩුව කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නතර කර නොමැති බවත් සමහර සංවර්ධන ව්‍යාපෘති පසුවිපරමට ලක් කළ යුතූව පවතින බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.
නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ආකාරයේ අරමුණකින් නොවන බව රජීව් ගාන්ධි මහතාට පහර දුන් හිටපු නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි මහතා කියා සිටියි.
මහින්ද රාජපක්ෂගේ පරාජය වෙනුවෙන් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කළ ආගමික ත්‍රස්ත සංවිධානයක් වන බොදු බල සේනා සංවිධානය එක්සත් ජාතික පක්ෂයට හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හෝ කිට්‍ටු කිරීමට කෙටි මාර්ග සොයමින් සිටින බව වාර්තාවේ.
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි සංවිධානය කිරීමට කටයුතු කළ බව කියන සැකකරුවන්ට රැකවරණ ලබාදුන් බවට චෝදනා එල්ලවුණු කිළිනොච්චියේ පදිංචිව සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) අධිකරණයෙන් ඇප මත නිදහස් වී තිබේ.
නීති විරෝධී වරාය නගරය මහින්දගේ ජඩ ව්‍යාපෘතියක් - වරාය අධිකාරිය
වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු සංවිධාන ගණනාවක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට කරන ලද පැමිණිල්ල ඊයේ(09) විභාගයට ගත් අවස්ථාවේදී වරාය ආඥා පනතය පටහැනිව චීන නගර ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී ඇති බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පැමිණි වරාය අධිකාරියේ නියෝජිතයින් පිළිගත් අතර මධ්‍යම පරිසර අධිකාරිය, වෙරලේ හෝ ගොඩබිමේ කිසිම තැනකින් වැලි ලබා ගැනීමටත් බලපත්‍ර නොමැති ස්ථානයකින් ගල් ලබා ගැනීමටත් අවසර නොදුන් බව පිළිගන්නා ලදී.
සූර්ය තාප බල ශක්තියෙන් පියාසර කරන ගුවන් යානයක් සිය පළමු ගුවන් ගමනේ නිරත විය.
රටේ ජනතාවගේ ජනතා මතය හිස නමා, මාර්තු 21 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.
ඉන්දියාවේ දිමාපූර් නගරයේදී ස්‌ත්‍රී දූෂකයකු යෑයි සැකකර වාහන අලෙවි කරන්නකු වූ සයිඩ් ෆරීඩ් කාන් නැමැත්තා මරා දැමීම සම්බන්ධව 22 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මහ බැංකුවේ රහස් අධිපතිගේ බෑණා අතට ගිය හැටි හොයන්න ජනපතිගෙන් කමිටුවක්
භාණ්ඩාගාර බැඳූම්කර නිකුතුවක් වංචාකාරී ලෙස මිලදි ගැනීම සම්බන්ධයෙන් වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ බෑනාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට සූදානම් වේ.
