නීති විරෝධී වරාය නගරය මහින්දගේ ජඩ ව්‍යාපෘතියක් - වරාය අධිකාරිය

Published in පුවත්
Tuesday, 10 March 2015 12:48

වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ධීවර සංවිධාන ඇතුළු සංවිධාන ගණනාවක් මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට කරන ලද පැමිණිල්ල ඊයේ(09) විභාගයට ගත් අවස්ථාවේදී වරාය ආඥා පනතය පටහැනිව චීන නගර ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දී ඇති බව විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පැමිණි වරාය අධිකාරියේ නියෝජිතයින් පිළිගත් අතර මධ්‍යම පරිසර අධිකාරිය, වෙරලේ හෝ ගොඩබිමේ කිසිම තැනකින් වැලි ලබා ගැනීමටත් බලපත්‍ර නොමැති ස්ථානයකින් ගල් ලබා ගැනීමටත් අවසර නොදුන් බව පිළිගන්නා ලදී.

ඒ අනුව නීති විරෝධී ලෙස මෙම වරාය නගරය ලෙස වසර ලබා දීම හිටපු ජනාධිපති වරයාගේ හුදු අවශ්‍යතාවය මත පමණක් සිදු වූ බව වරාය අධිකාරියට මෙහිදී පිළිගැනීමට සිදුවිය.

එසේම මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යන්නේනම් වරාය ආඥා පනත සංශෝධනය කළ යුතු බවද වරාය අධිකාරිය පිළිගත් අතර ඒ අනුව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ වත්මන් දේශපාලන අධිකාරිය හා චීනය අතර හොඳහිත පළුදු වීම වලක්වා ගැනීමට වරාය ආඥා පනත සංශෝධන කර හෝ එම ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට වරාය අධිකාරිය ඇතුළු අනෙකුත් ආයතන උත්සහා දරනු ඇති බවය.

මෙම පැමිණිල්ල සම්බන්ධ විභාගය තවදුරටත් පැවැත්වීමට නියමිතය.

උපුටා ගැනීම-lankadiscovery.com

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us