ජෙයකුමාරි අැප මත නිදහස්

Published in පුවත්
Tuesday, 10 March 2015 13:07

එල්.ටී.ටී.ඊ සංවිධානය යළි සංවිධානය කිරීමට කටයුතු කළ බව කියන සැකකරුවන්ට රැකවරණ ලබාදුන් බවට චෝදනා එල්ලවුණු කිළිනොච්චියේ පදිංචිව සිටි බාලේන්ද්‍රන් ජෙයකුමාරි අද(10) අධිකරණයෙන් ඇප මත නිදහස් වී තිබේ.

එල්.ටී.ටී.ඊ ය යළි සංවිධාන කිරීමට මුල්වූ බව කියන ගෝපි ඇතුළු පිරිසකට නවාතැන්දීම හා රැකවරණ සැලසීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇය දින 362 ක් රක්ෂිත බන්ධනාගාරව සිට අද අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී ලක්ෂ 2ක ශරීර ඇපයක් මත ඇය නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල විසින් නියෝග කර ඇත.

එසේම ඇයට රටින් පිටවීම තහනම් කළ විනිසුරුවරිය සෑම මසකම අවසාන ඉරිදා දිනයේ තම පදිංචිව සිටින පොලිස්බල ප්‍රදේශයේ පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළ බව සඳහන්ය.

අදාළ නඩුව යළි ජූලි මස 07 වන දින කැඳවන බැවින් එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ ඇය දින නියමයක් නොමැතිව රඳවා තබාගැනීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් පසුගිය දිනවල අඛණ්ඩව හඬ නැඟූහ.

සබැදි පුවත්


රැඳවුම් නියෝග අවසන් වූ පසුත් ජෙයකුමාරි දිගටම අත් අඩංගුවේ

TID සුපුරුදු බණේම කියයි, ජෙයකුමාරි නැවතත් රිමාන්ඩ්!

උතුර කොයිබට ද? - සුනන්ද දේශප්‍රිය

චෝදනා නැති දේශපාලන සිරකරුවන්ට නිදහස

දෙමළ ජාතික රැදවියන් නිදහස් නොකිරීම පොරොන්දු කඩ කිරීමකි

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us