රැඳවුම් නියෝග අවසන් වූ පසුත් ජෙයකුමාරි දිගටම අත් අඩංගුවේ

Published in පුවත්
Thursday, 15 January 2015 15:23
රැඳවුම් නියෝග නොමැතිව අත්අඩංගුවේ පසුවන අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ ක්‍රියාකාරිනි  බාලේන්දිරන් ජෙයකුමාරි නිදහස් කරන ලෙස  ඇගේ නීතිවේදීන්  අධිකරණයෙන් ඉල්ලා ඇත.
ජනවාරි හය වෙනිදා අලුත්කඩේ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත තුන්වන වරටත් ඇය ඉදිරිපත් කළ අවස්ථාවේ ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්  කියා සිටියේ රැඳවුම් නියෝග කාල සීමාව ඉකුත්ව ඇති බැවින් සානුකම්පිතව සළකා බලා ඇයට ඇප ලබා දීමට කටයුතු කරන ලෙස ය. සිව්දරු මවක් හා යුද වැන්දඹුවක් වන ජෙයකුමාරි ඉකුත් වසරේදී අත් අඩංගුවට ගැනීමෙන් පසුව එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ නියෝග යටතේ රැඳවුම් භාරයට යොමු කෙරුණි.
 
මෙම නීති විරෝධී රඳවා තැබීම ගැන ජෙයකුමාරිගේ නීතිඥයන් විසින් සිදු කරනු ලැබූ වැඩි දුර ප්‍රශ්න කිරීම්වලට ප්‍රතිචාර ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරින් අධිකරණයට දැන්වූයේ ජෙයකුමාරි ගැන පරීක්ෂණ තවමත් නිමා වී නැති බවත්, ඒ සඳහා තව කෙටි කාලයක් අවශ්‍යව ඇති බවත් ය. මේ වනවිටත් මාස 10කට වැඩි කාලයක් ඇයව රඳවා තබා ගැනීමට ත්‍රස්ත විමර්ශන ඒකකය කටයුතු කර තිබේ.
 
පසුගිය වසර අවසානය තෙක් බුස්ස රැදවුම් කඳවුරේ රඳවා සිටි බාලේන්දිරන් ජෙයකුමාරි ඉකුත් දෙසැම්බර් 24 වෙනිදා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ කාන්තා අංශය වෙත මාරු කර යැවීමට බලධාරීන් කටයුතු කර ඇත්තේ අදාළ රැඳවුම් නියෝග කාලය අවසන් වීම හේතුවෙනි. ඒ අනුව මේ වනවිට ඇය  රඳවා තබා ඇත්තේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ නොවන බැවින් මහාධිකරණය ඔස්සේ  ඇප ලබා දිය හැකි බවට ඇගේ නීතිවේදීන් අධිකරණයට කරුණු දක්වා තිබේ. මෙහිදී නීතිපති දෙපාර්තුමේන්තුව සමග සාකච්ජා කර නඩුවේ වත්මන් තත්ත්වය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයට  නියෝග කළ මහේස්ත්‍රාත්වරයා  විත්තිකාරිය පිළිබඳ නඩු වාර්තාවක් සපයන ලෙස අධිකරණ රෙජිස්ට්‍රාර් වරයාට  නියෝග කරන ලදී. ජනවාරි 20 වෙනිදා නඩුව නැවත කැඳවීමට නියමිත ය.
 
මූලික අයිතිවාසිකම් පෙත්සම්
 
පොලිසියට අවශ්‍ය සැක කරුවෙකුට  රැකවරණය සැපයීමේ චෝදනා මත බාලේන්දිරන් ජෙයකුමාරි හා ඇගේ 13 හැවිරිදි දියණිය බාලේන්දිරන් විපූශිකා  ඉකුත් වසරේ මාර්තු 13 දා  කිලිනොච්චියේදී අත් අඩංගුවට ගන්නා ලද්දේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ සම්බන්ධයෙන්  වූ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා යෝජනාවක් සලකා බලමින් තිබෙන අතරවාරයේදී ය. හමුදා අත්අඩංගුවේදී අතුරුදන් වූ පුද්ගලයන් වෙනුවෙන් පැවැති උද්ඝෝෂණවල කැපී පෙනෙන ක්‍රියාකාරිනියක් වූ ඇය අත් අඩංගුවට ගැනීමට පෙර සිටම රජයේ ආරක්ෂක අංශ සහ අතුරු හමුදා කණ්ඩායම්වල තර්ජනයට ලක්ව සිටියා ය. අත් අඩංගුවට ගැනීමෙන් පසු ජෙයකුමාරි ත්‍රස්ත විමර්ශන අංශය මගින් බූස්ස රැඳවුම් කඳවුරට යවන ලද අතර ඇගේ දියණිය පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව භාරයට පත් කිරීමෙන් අනතුරුව  කිලිනොච්චියේ ළමා නිවාසයකට යොමු කොට ඇත. ඔවුන් දෙදෙනා වෙනුවෙන් දැනටමත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබේ.
 
බාලේන්දිරන් ජෙයකුමාරිගේ සැමියා හා පුතුන් දෙදෙනෙකු යුද්ධය ආරම්භයේදීම මියගොස් ඇති අතර යුද්ධයේ අවසන් දිනවලදී  රජයේ හමුදා වෙත භාර වූ ඇගේ බාල පුත්‍රයාද මේ වනවිට අතුරුදහන්වූවන් අතරට එක්ව තිබේ.
 
උපුටා ගැනීම -  JDS

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us