බැසිල්ට නැවත ශ්‍රීලනීපයෙන් නාම යෝජනා නෑ. මහින්දත් එකඟයි.

Published in පුවත්
Thursday, 15 January 2015 15:50
හිටපු ආර්ථික සංවර්ධන ඇමැති හා ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාට නැවත ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදීමට තීරණය කර තිබේ.
  
මෛත්‍රීපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර මේ වන විට ඇතිවී තිබෙන  එකඟතාවයන් අනුව නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන මහ මැතිවරණයේදී හම්බන්තොටින් නාම යෝජනා ලබා දීමත් මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමටත් නියමිතය. බැසිල් රාජපක්ෂ මහතාට යළි ශ්‍රී ලනීපයෙන් නම යෝජනා නොදීමටත් ශ්‍රී ලනීපයේ කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමටත් තීරණය කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි. ඊට මහින්ද  රාජපක්ෂගේද එකඟතාවය ලැබී ඇත. එමෙන්ම  යෝෂිත හා නාමල්ගේ  ඉල්ලීම වී ඇත්තේ ද යළි බැසිල්ට ඉඩ ලබා දියයුතු නැති බවය.
 
ඒ කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා මේවන විට ශ්‍රී ලනීපයේ  ජාතික සංවිධායක තතුරින්  ඉවත්වී තිබෙන බවට ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවා ඇතැයි හිටපු ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 
 
 
එකී නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය. 
 
ඉකුත් ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයේ සම්පූර්ණ වගකීම භාරගනිමින් එම මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රිලනිප ජාතික සංවිධායක ධූරයෙන් ජනවාරි 15වැනිදා පෙරවරුවේ ඉල්ලා අස්විය. 
 
මේ පිළිබඳව දැනුම් දෙමින් ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා වෙත ලිපියක් යවමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පසුපෙල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තමන් ඉදිරියටත් කටයුතු කරන බවය. 
 
ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක‍යා වෙනුවෙන් පූර්ණ සහාය දුන් ශ්‍රිලනිප ඇතුළු සියළුම සන්ධානයේ හවුල්කාර සහ හිතවත් පක්ෂවල නායකයින්, සාමාජිකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් වෙත සිය කෘතඥතාවය එම ලිපිය මගින් පළකර ඇති බැසිල් රාජපක්ෂ මහතා විශේෂයෙන් සන්ධානයේ නායක මහින්ද රාජපක්ෂ, ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රිලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් ඇතුළු සියලූම නිලධාරින්ට තමාට මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරිම සඳහා අනගි සහායක් දුන් බව කියා සිටී. 
 
ජනාධිපතිවරණය ඉතා සාධාරණ සහ යුක්ති සහගතව පවත්වා ගැනීමට සහාය දුන් මැතිවරණ කොමසාරිස් ඇතුළු සියළුම රජයේ නිලධාරින්ද පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු රටපුරා සන්ධාන අපේක්ෂකයාට ඡන්දය ලබාදුන් ඡන්දදායකයින් මෙන්ම සංවිධානයට ක්‍රියාකාරිව දායකවූ ජනතා නියෝජිතයන්ද මැතිවරණ නිතිරීති වලට අවනතව කටයුතු කිරීම රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යෑමට රුකුලක් වූ බවද එමගින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us