පසු විපරමක් සිදුවුවත් සංවර්ධන ව්‍යාපෘති කිසිවක් නතර කර නෑ.- ගයන්ත(audio)

Published in පුවත්
Tuesday, 10 March 2015 14:55

වත්මන් අාණ්ඩුව කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් නතර කර නොමැති බවත් සමහර සංවර්ධන ව්‍යාපෘති පසුවිපරමට ලක් කළ යුතූව පවතින බවත් ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(10) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසුවේය.

වර්තමානය වන විට විපක්ෂයට සටන් පාඨ නොමැති බවත් මේ නිසා සංවර්ධන ව්‍යාපෘති නතර කළා යනුවෙන් කෑගසන බවත් ඔහු සදහන් කළේය. මැතිවරණ සමයේ පසුගිය ආණ්ඩුව දියත් කළ සමහර ව්‍යාපෘති බෝඩ් ලෑලි වලට පමණක් සීමා වී ඇති බවත් ඒවායේ අරමුණ වූයේ මැතිවරණ උදෙසා මවා පෑමක් සිදු කර ජනතාව මුලා කිරීම බවත් ඔහු පැවසුවේය.

උතුරු අධිවේගී මාර්ගය හදන්නට තීන්දු කළ සමාගම පසුගිය රජය සමග ගිවිසුමට එළඹි මුදලට වඩා ඩො.මි 60 ක් අඩුවෙන් එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට හැකි බවට වර්තමාන රජය සමග එකවී ඇති බවද ඔහු පැවසුවේය.

මෙසේ ගසා කෑ මුදල් ගියේ කාගේ සාක්කුවටද කියා සොයන බවත් සංවර්ධන ව්‍යාපෘති පිළිබදව පසු විපරමක් සිදු කර ජනතාවට සාධාරණයක් ඉටුකිරීමේ වගකීම ජනවරමින් පත්වූ ආණ්ඩුවක් ලෙස භාරගන්නා බවත් පැවසුවේය.

පසුගිය ආණ්ඩුවට අපේ අසල්වැසි රට වන ඉන්දියාවවත් දිනා ගැනීමට හැකි නොවූ බවත් අද ඉන්දියාව ලංකාව වෙනුවෙන් ඔ්නෑම අවස්ථාවක නොපැකිළ ඉදිරිපත්වීමට සූදානම් බවත් පැවසුවේය.

දින සියයය ඇතුළත රජය සුවිශේෂී ජයග‍්‍රහණ රැසකට අවතීර්ණ වී ඇති බවත් යහ පාලනය තුළ ප‍්‍රශස්ත විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීමට හැකිවූ බවත් අසමත් රාජ්‍යගොඩට තල්ලුවෙමින් තිබූ අපේ රට යහපාලනය හරහා යළි සාර්ථකත්වයට පතවෙමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ උතුරේ ජනතාව නිවාස නොමැතිව දුක් විදිද්දී පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මන්දිර තනා සුර සැප විදි බවත් ඒවා හෙළි වන විට ජාත්‍යන්තර මධ්‍යස්ථාන ඉදිකළ බවට බොළද නිවේදන නිකුත් කරන බවත්ය.

{soundcloud}https://soundcloud.com/lankadaily/gayantha-karunathilaka{/soundcloud}

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us