ස්ත්‍රී දූෂකයා මරා දැමූ පිරිස් අත්අඩංගුවට

Published in විදෙස්
Tuesday, 10 March 2015 12:21

ඉන්දියාවේ දිමාපූර් නගරයේදී ස්‌ත්‍රී දූෂකයකු යෑයි සැකකර වාහන අලෙවි කරන්නකු වූ සයිඩ් ෆරීඩ් කාන් නැමැත්තා මරා දැමීම සම්බන්ධව 22 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

කලහකාරී ලෙස හැසිරීම, ගොඩනැගිලි ගිනිබත් කිරීම නීතියට පිටු පා අත්අඩංගුවට ගැනීම යන චෝදනා යටතේ එම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

කාන්ගේ සොහොයුරා පවසන්නේ පොලිසිය බොරු චෝදනාවක්‌ එල්ල කිරීමෙන් තම සොහොයුරා ඝාතනය වූ බවයි.

නාගලන්ත ප්‍රාන්තවාසීන් දහස් ගණනක් කඩා වැදී සිර මැදිරිය බිඳ ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ සිටි සයිඩ් ෆරීඩ් කාන් පැහැර ගෙන ගොස් පහර දී මරා දැමීමට ප්‍රථම මෙම සිරකරු නිරුවත් කොට වීදි දිගේ රැගෙන ගිය බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් 22 ක පමණ පිරිස එකී ඝාතනය සිදු කළ බව වීඩියෝ පටවලින් සනාථ වී ඇත.

ඝාතනයට ලක්‌ වූ කාන්ගේ මවද පොලිසියට චෝදනා නගා තිබේ.

Last modified on Tuesday, 10 March 2015 12:23

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us