subash

subash

යම් අමාත්‍යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළව මහජනතාවට හෝ ජනමාධ්‍යයට තොරතුරු සැපයීමෙන් මුළු රජයමත් ආයතනයක්‌ හෝ නිලධාරියකු අසීරුතාවට පත්වීමට ඉඩ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු යෑයි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලි ඛිතව දැනුම් දී ඇත.

බන්ධනාගාර රැඳවියන්ට පරිගණක තාක්ෂණ පුහුණුව ලබාදීමේ කඩිනම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කර අැත.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පලවේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිගත හැකි සාධාරණ අවංක වූ විසඳුමක් ඉදිරිපත් වේ නම් ඊට එකඟ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයෙන් සොයාගත හැකි බවට තමන්ට විශ්වාසයක් ඇතැයි මැලේසියානු ප්‍රවාහන ඇමතිවරයා පවසා තිබේ.

මුත්‍ර වලින් විදුලිය නිපදවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බටහිර එංගලන්ත විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (07) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යංශයේදී හමුවිය. මෙහිදී ඉන්දිය නියෝජිතයන් හා ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශ නිලධාරින් අතර සාකච්ඡාවක්ද පැවැත්වීය.

විලාසිතා ලොවේ කැපී පෙනීම සඳහා දෙපාවල සුව පහසුව පවා නොතකා හැකි තරම් උසැති සපත්තු පළදින්න උත්සාහ කරන පුද්ගලයන් ඉන්නවා. අපේ සිරුරේ ‘අඩු සැලකුම්’ ලබන කොටසකි තමයි දෙපා. අප මදකට හෝ කකුල් ගැන සිතන්නේ සපත්තු ගන්නට යන විටෙකදී පමණි. එවිටත් අපේ වැඩි සැළකිල්ල යොමු වන්නේ දෙපා වල සුව පහසුව ගැන නොව විලාසිතා පිළිබඳවයි.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

ගොවියන්ගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම අරමුණු කොට ගත් නව දේශපාලන පක්ෂයක් ගොඩනැගීමට උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකාරිකයන් පිරිසක් පසුගියදා කටයුතු කළේය. තොලිලලර්,විවසයිකල් වාල්වුරිමෛ කච්චි එම පක්ෂය නාමය වේ.

Connet With Us