subash
ජාතික ඖෂධ පනත හෙවත් 'ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව 'වැඩි ඡන්ද 67 න් පාර්ලිමේන්තුවේදී සම්මතවී තිබේ.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා අපෙන් සමු ගෙන ගොස් වසර දෙකක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අනුස්මරණ උත්සවය 2015 මාර්තු 10 වන අඟහරුවාදා සවස 03.00 ට කොළඹ 07 නිදහස් මාවතේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මැර්ලින් මොන්රෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙතෙක් බිහි වූ සුරූපී නිළියක් වගේම ගායිකාවක්. මෝස්‌තර නිරූපණ ශිල්පිනියක ලෙසද එකල ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ඇගේ ඡායාරූපවලට එදා වගේම අදත් ඉහල ඉල්ලුමක් පවතිනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට ලබන නව වනදා සිට නාවික හමුදා මූලස්ථානයේ රාජකාරියට වාර්තා කරන ලෙස නාවික හමුදාව දැනුම්දී අැත.
මෙවර උසස්පෙළ විභාගය සදහා තාක්ෂණ විෂය ධාරාව යටතේ මුහුණ දෙන සිසුන්ගේ ශිෂ්‍ය අයිතිවාසිකම් අහිමි කිරීමක් සිදුවන බව පවසමින් ශිෂ්‍යයින් අද (06) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේය.
ඇෆ්ගනිස්‌ථානයේ කාබුල්හි කුබ්රා කාද්මි නම් කලාකාරිනියක විසින් මහපාරේදී සිදුවන ලිංගික අතවර වලට විරෝධය දැක්වීමක් වශයෙන් අපූරු ආකාරයේ ඇඳුමකින් සැරසී තිබෙනවා.
ස්වාධීන රූපවාහිණියේ ජනප්‍රිය නිවේදයකු වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා ඉදිරි මහ මැතිවරණයේදී විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට සූදානමින් පසුවන බව දැන ගැනීමට තිබේ. ඔහු කඹුරුපිටිය ආසනයෙන් දේශපාලන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ද වාර්තා වේ.
ඉන්දියාවේ ලාබාලම රාගධාරී ගිටාර් ශිල්පියාට ලංකාවෙන් අනුග්‍රාහකයෙක්(video)
ඉන්දියාවේ සිටින ලාබාලතම රාගධාරි ගිටාර් වාදන ශිල්පියා ෂහනාවාස් අහමඩ් ඛාන් පසුගියදා තම ප්‍රථම සංගීත ඛණ්ඩ තැටිය එළිදැක්වීය. ‘බටහිර සංගීත ඛණ්ඩ රාගධාරි ක්‍රමයට’ නම් වූ මෙම සංගිත ඛණ්ඩ එකතුව නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාගේ ප්‍රධානත්වයෙන් යුතු හවුස්ෆුල් මුවීස් ආයතනය විසිනි. මෙහි සංවිධාන කටයුතු ෂහනාවාස් අහමඩ් ඛාන්ගේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කටයුතු නිළධාරිණි කෞෂල්‍යා වික්‍රමසිංහ විසින් සිදු කරන ලදී.
Crufts කියන්නෙ ලෝකේ ලොකුම සුනඛ ප්‍රදර්ශනය. එහෙම නැත්තම් ලොකුම සුනඛ ශූරතාවලිය. 2015 වසරේ Crufts Dog Show පසුගියදා ආරම්භ උනා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප‍්‍රකාශක ලෙස හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පත්කර තිබේ.
