ඉන්දියාවේ ලාබාලම රාගධාරී ගිටාර් ශිල්පියාට ලංකාවෙන් අනුග්‍රාහකයෙක්(video)

Published in කලා
Friday, 06 March 2015 12:51

ඉන්දියාවේ සිටින ලාබාලතම රාගධාරි ගිටාර් වාදන ශිල්පියා ෂහනාවාස් අහමඩ් ඛාන් පසුගියදා තම ප්‍රථම සංගීත ඛණ්ඩ තැටිය එළිදැක්වීය. ‘බටහිර සංගීත ඛණ්ඩ රාගධාරි ක්‍රමයට’ නම් වූ මෙම සංගිත ඛණ්ඩ එකතුව නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ සුනෙත් මාලිංග ලොකුහේවාගේ ප්‍රධානත්වයෙන් යුතු හවුස්ෆුල් මුවීස් ආයතනය විසිනි. මෙහි සංවිධාන කටයුතු ෂහනාවාස් අහමඩ් ඛාන්ගේ ජාත්‍යන්තර සම්බන්ධීකරණ කටයුතු නිළධාරිණි කෞෂල්‍යා වික්‍රමසිංහ විසින් සිදු කරන ලදී.

ෂහනාවාස් ලොව සිටින ප්‍රවීණතම සාරංගය වාදන ශිල්පියෙකු වන උස්තාද් මොහොමඩ් අහමඩ් බන්යේ ඛාන්ගේ මුණුබුරෙකි. ඉන්දියාවේ ශාස්ත්‍රිය ගායන ශිල්පි උස්තාද් අජාස් අහමඩ් ඛාන් ෂහනාවාස්ගේ පියාය. තබ්ලා වාදන ශිල්පී උස්තාද් සරසරේස් අහමඩ් ඛාන් ඔහුගේ වැඩිමහල් සහෝදරයායි. දිල්ලි ගරානා පරම්පරාවට අයත් ඔහු ගිටාර් වාදනයට යොමු වුයේ වයස අවුරුදු හතරේදිය. තම වයස අවුරුදු දහයක් සපිරෙනවිටදි ඔහු සිය ප්‍රථම ප්‍රසංගය පැවැත්වීය. මේ වනවිට විසිඑක් වියැති ෂහනාවාස් අහමඩ් ඛාන් බටහිර සංගිත භාණ්ඩයක් වන ගිටාරයෙන් රාගධාරි සංගීත තාල මවන්නේ ලොවම වසඟයට ගනිමිනි.

ගිටාරයෙන් රාගධාරි සංගීතය මෙන්ම බටහිර සංගීතයද මුසු කර අපූරු සංගීත රටා නිර්මාණය කරමින් නව නිර්මාණ කටයුතු අත්හදා බලන මේ යොවුන් සංගීත ශිල්පියා ඉදිරියේදී අමෙරිකා එක්සත් ජනපදය , ඔස්ට්‍රේලියාව යන රටවලද තම ප්‍රසංග පැවැත්වීමට බලාපොරොත්තු වන්නේය. ඔහු මීට පෙර රාජකීය විද්‍යාලයේ පැවැති ‘හංස ධ්වනි’ අවසාන අදියර සඳහා සහභාගිවීමට මෙරටට පැමිණ ඇති අතර එහිදි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පැවැති වැඩසටහනක් සඳහාද සිය දායකත්වය ලබා දුන්නේය.

ෂහනාවාස්ගේ මෙම සංයුක්ත තැටිය හවුස් ෆුල් ආයතනය විදෙස් සංගීත එකතුවක් නිෂ්පාදනය කළ පළමු අවස්ථාව වේ. එහි පටිගත කිරීම් නුගේගොඩ සොනික් ශබ්ධාගාරයේදි සිදු කෙරිණි. නුදුරේදි එය ලාංකේය වෙළඳ පොළටද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බව කෞෂල්‍යා වික්‍රමසිංහ පැවසුවාය.

සරසවිය

{youtube}njkNx4npuN8{/youtube}

shanawaz

sha1



Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us