subash
ජනාධිපතිවරණ සමයේ එක් අපේක්ෂකයෙකු ප‍්‍රවර්ධනය වන අයුරින් මහින්ද්‍යෝදය විද්‍යාගාර විවෘත කිරීම පිළිබඳ පරීක්ෂණයක් කි‍්‍රයාත්මක කරන්නැයි මැතිවරණ දෙපාර්තමේන්තුව මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
අඩු බලශක්ති පිරිවැයකින් යුත් LED ලාම්පු ශ්‍රී ලංකාවේ වීදී වලට සවි කිරීමේ මහපරිමාණ කොන්ත්‍රාත්තුව දිනා ගැනිමට චීන සමාගමක් සමත් වී ඇති බව වාර්තාවේ. චීනයේ ෂැංහයි හැංජින් ඔප්ටොලෙක්ට්‍රික් ටෙක්නොලොජි සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ලබා ගෙන තිබේ ඒ අනුව වොට් 60 ප්‍රමාණයේ LED බල්බ වලින් ලංකාවේ සියලුම මංමාවත් ආලෝකමත් කෙරෙනු ඇත.
රුසියානු උප අගමැති ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
පසුගියදා ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත සිය පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටි රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බවට පවසන අන්සොර් ගුබෂෙව් සහ සයුර් ඩඩෝයෙව් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන රාජ්‍ය විමර්ශන කමිටුව පවසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතාව අද(09) අල්ලස් කොමිසමට කැඳවා තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා සිටින ජෙයකුමාරි බාලේන්දිරන් ඇතුළු මෙතෙක් චෝදනා ඉදිරිපත් කර නැති දේශපාලන සිරකරුවන් පිරිසක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර නිදහස් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ක්‍රීඩා සංගම් මාෆියාවට එරෙහිව වැටක්, වසර 4ක් සිටි නිලධාරීන්ට නැවත තනතුරු බෑ
වසර 4ක කාලයක් ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතල දැරූ කිසිවෙකුට නැවැත එම ක්‍රීඩා සංගම්වල නිලතල ලබාගැනීමට නීතිමය ඉඩකඩක් නොමැති බව නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංශෝධනය කර නව සැලසුම් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති සහ සැලසුම් කමිටුවේ සභාපතිනිය ලෙසත් හොරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා එහි ලේකම් ධුරයටත් පත් කර ඇත.
බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත් නිකුත් කිරීම එළබෙන 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී සිදුවේ. කාමර අංක 21 හී පෙරවරු 10 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.
ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව ලෙස කාන්තාව බල ගැන්වීම මනුෂ්‍ය වර්ගයා බල ගැන්වීම යන්නයි. කාන්තාවට යහපත් රටක් යන තේමාව යටතේ ශී‍්‍ර ලංකාව අද ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.
