ක්‍රීඩා සංගම් මා‍ෆියාවට එරෙහිව වැටක්, වසර 4ක් සිටි නිලධාරීන්ට නැවත තනතුරු බෑ

Published in පුවත්
Monday, 09 March 2015 08:02

වසර 4ක කාලයක් ක්‍රීඩා සංගම්වල ප්‍රධාන නිලතල දැරූ කිසිවෙකුට නැවැත එම ක්‍රීඩා සංගම්වල නිලතල ලබාගැනීමට නීතිමය ඉඩකඩක් නොමැති බව නීතිපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

වසර 2013දී සකස් කරන ලද ක්‍රීඩා රෙගුලාසි හා ක්‍රීඩා සංගම්වල නිලතල දැරීමේ හැකියාවන් පිළිබඳ ක්‍රීඩා අමාත්‍යාංශය පසුගියදා නීතිපතිවරයාගෙන් කරන ලද විමසීමකට පිළිතුරක් ලෙස මේ තත්ත්වය පැහැදිලි කොට ඇතැයි දැනගන්නට ඇත.

මේ අනුව ක්‍රිකට්, මලල ක්‍රීඩා, හොකී, වුෂූ, රගර් ඇතුළු ක්‍රීඩා සංගම් ගණනාවක ප්‍රධාන නිලධාරීන්ට නැවැත එම නිලතලවලට පත්වීමට නොහැකිවනු ඇතැයි පැවසේ.

නීතිපතිවරයා කරන ලද දැනුම්දීමෙන් පවසා ඇත්තේ ක්‍රීඩා සංගමයක වසර 4ක කාලයක් නිලතල දැරූ අයෙකුට නැවැත එම ක්‍රීඩා සංගමයේ ප්‍රධාන තනතුරුවලට නාමයෝජනා ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවය. මේ තත්ත්වය මත බොහෝ සංගම්වල නිලවරණ මාර්තු 30වැනිදාට පෙර පැවැත්වීමේ හැකියාව අහිමිවීමට බොහෝසෙයින් ඉඩ තිබේ. වසර 4කට වඩා වැඩි කාලයක් සිටි ඇතැම් නිලධාරීන් මේ වනවිටත් නාමයෝජනා භාරදී ඇති බැවින් එම නාමයෝජනා සියල්ල අවලංගු කිරීමට සිදුවේ.

දැනටමත් නාමයෝජනා භාර ගෙන ඇති ක්‍රීඩා සංගම්වල වසර 4කට වඩා වැඩි කාලයක් නිලතල දැරූ අය සිටීනම් ඒ ගැන සොයා බැලීම ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ කමිටුවකින් සිදු කිරීමට නියමිත බවද වාර්තා වේ.

ක්‍රීඩා සංගම්වල සභාපති, ලේකම්, උප සභාපති, උප ලේකම්, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු දැරූ අයට මේ නීතිය බලපානු ඇත. මේ නව පැහැදිලි කිරීම යටතේ සියයට 90කටත් වැඩි පිරිසකට ක්‍රීඩා සංගම්වල ප්‍රධාන තනතුරු අහිමිවනු ඇතැයි පැවැසේ. ක්‍රීඩා පරිපාලනයට අලුත් පිරිසක් මේ තුළින් එක්වීමේ ඉඩකඩ විවරව ඇත.

මෙම ඇතැම් ක්‍රීඩා සංගමයක වසර 8 ක් පමණ ඉහළම තනතුරු දරමින් වෙනත් කිසිවකුට එම පරිපාලන කටයුතුවලට ඉදිරිපත්වීමට ඉඩ නොදෙමින් පාතාල පාලනයක් ගෙන ගිය සංගම් නිළධාරීන් ‍රැසක් සිටිති. ඉතා දූෂිත පාලනයක් ගෙන යමින් ක්‍රීඩාවෙන් තමන්ගේ බඩ ගෝස්තරය සොයා ගත් මෙම පිරිස් හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් පවා අල්ලස් දී  ඔවුන්ගේ මතයට නංවාගැනීමට තරම් ප්‍රබල වී තිබිණි.

 

දිනමිණ ඇසුරෙණි

Last modified on Monday, 09 March 2015 08:02

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us