ජනාධිපති, දෙමළ ඩයස්පෝරාව මුණ ගැසෙයි

Published in පුවත්
Sunday, 08 March 2015 16:06
මේ වන විට බ්‍රිතාන්‍යයේ තෙදින චාරිකාවක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ දෙමළ ඩයස්පෝරා නියෝජිතයන් හා සාකච්ඡා කිරීමට නියමිත බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
බ්‍රිතාන්‍ය දෙමළ සංසදය හා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම  ( British Tamils Forum , The All Party Parliamentary Group for Tamils) මෙලෙස  ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇත. 
 
මීට පෙර හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ බ්‍රිත්‍ය සංචාරයන්හීදී  දෙමළ ඩයස්පොරා නියෝජිතයන් ඔහු සමඟ සාකච්ඡා කිරීම සාඳහ උත්සහ ගත්තද ඔහු ඒ මඟ හැරියේය. එහි ප්‍රතිපළයක් ලෙස ඔහුට එරෙහිව විරෝධතා ද පැණ නැඟුනු අතර එම සංචාරයන් හී සංවිධානය කර තිබු ඇතැම් සම්මන්ත්‍රණයක් පවා අවලංගු කිරීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවිය. එහෙත් ඔහු විසින් ‍තෝරා ගන්නා ලද ඩයස්පොරා නියෝජිතයන් සමඟ රහසිගත සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වී තිබේ.ඔහුගේ ඇමරිකානු සංචාරයේදී එවැනි නියෝජිතයන් සමඟ රහසිගත් සාකච්ඡාවක් පැවැති බව එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළ අතර ඒ හැකි නම් අසත්‍යක් බව ප්‍රකාශ කරන ලෙස ඔහු අභියෝගයක්ද කළේය.
 
මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිවද දෙමළ ඩයස්පොරා කොටස් විරෝධය පළ කිරීම සඳහා පසුගිය දින කිහිපයේදී උත්සහ ගත්තද ඒ සාර්ථක වී නොමැති බවත් වාර්තාවේ.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය සභාපතිවරයා ලෙස ඔහු හෙට දිනයේදී එම සැමරුම් උත්සව සභාව ඇමැතීමට නියමිතය. 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us