subash

subash

ප්‍රකාශයක් ගැනීම සඳහා පැමිණෙන ලෙස දන්වා තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (11)දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ නොමැති බව වාර්තා වේ.

නවසීලන්තයේ ප්‍රකට කිරිපිටි නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම (ඇන්කර්) නිෂ්පාදනය කරන ලදරු කිරිපිටිවල කෘමිනාශක අඩංගු බවට බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ලෝකයේ විශාලම ළදරු කිරිපිටි ආනයනකරුවා වන්නේ ද මෙම සමාගමයි.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂ 10ට අඩු තැන්පතු සඳහා15%ක ඉහල පොලියක් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඉකුත් අතුරු අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් වන මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වරප‍්‍රසාදයක් බව කොළඹ ඊයේ (10) පැවැත්වු මාධ්‍ය හමුවක දී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම් ගුණසේකර කියා සිටියේය. වයස අවුරුදු 60 ඉක්මවු සියලූ තැනැත්තන් මෙහිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි කන්දරාව සම්බන්ධයෙන් මූලික විමර්ශන නිම කිරීම සඳහා තව වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

එක්දින තරඟ 3631ක ඉතිහාසය තුළ පිට පිට ශතක 4ක් රැස් කළ ලොව පළමු පිතිකරුවා බවට පත්වීමට කුමාර් සංගක්කාර අද (11)සමත් විය.

සිවිල් වැසියන්ට සිදුවන හානිය නොතකා බර අවි ප්‍රහාර එල්ල කරන ලෙස කරන ලද ඉල්ලීම මගින් ජනතා විමුක්ති පෙරමුණේ 'සමබරතාවය බිඳ වැටුණු' බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

නො ජ මරණ තොමො (අ) න දී නො මරනා තෙක්නි

ජිවි නහෙයි තොමො නු (රා) මා (යෙ) වෙන බියෙනි

ඇතුළතිනි ජු බැහැරියෙන් එක වට ග ත [නි]

අබු මිනිසුන් ඉසිලු කු (ළ) පිනූ සෙයි (නි)

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (10) රාත‍්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ වැඩසටහනටකදී ප්‍රශ්න කළේය.

මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව ‍එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද අමරවීර,ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (11) පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත.

‘මව්බිම අනතුරේ - මහින්ද කැඳවමු’ නමින් මහනුවර පැවැත්වූ ‍රැළිය මුළුමනින්ම අසාර්ථවීමෙන් පසුව කුඩා ජනහමු පැවැත්වීමට විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.

Connet With Us