නවසීලන්ත කිරිපිටිවල මීයන් මරණ වස අඩංගු බවට චෝදනාවක්(video) Featured

Published in පුවත්
Wednesday, 11 March 2015 13:14

නවසීලන්තයේ ප්‍රකට කිරිපිටි නිශ්පාදන සමාගමක් වන ෆොන්ටෙරා සමාගම (ඇන්කර්) නිෂ්පාදනය කරන ලදරු කිරිපිටිවල කෘමිනාශක අඩංගු බවට බවට බරපතල චෝදනාවක් එල්ල වී තිබේ. ලෝකයේ විශාලම ළදරු කිරිපිටි ආනයනකරුවා වන්නේ ද මෙම සමාගමයි.

එරට පරිසරවේදීන් මේ බව සොයාගෙන තිබේ. මෙම අතිශය විෂ සහිත කෘමීන්, හාවන්. මීයන් මැරීමට යොදා ගන්නා 1080 නම් ඛේතය දරණ රසායනය (sodium fluoroacetate ) එළ හරකුන් බුදින තණ පිටිවල කෘමි මර්දනය සඳහා මෙන්ම එළකිරි ගබඩා වලදී යොදා ගන්න බව හෙලිවීම නිසා මේ වන විට මහත් ආන්දොලනාත්මක තත්වයක් ලෝක කිරිපිටි වෙළද පොළ තුළ ඇති වී තිබේ.

මෙම රසායනය කෘමි මර්දනය සඳහා යොදා නොගත යුතු බවටද දැඩි ඉල්ලීමක් පරිසර වේදීන්ගෙන් මිට පෙරද එරට රජය වෙත ඉදිරිපත්ව තිබිණි.

කෙසේ නමුත් මේ ආන්දෝලනාත්මක තත්වය හමුවේ නවසීලන්ත රජය හා ෆොන්ටෙරා සමාගම ප්‍රකාශය කරන්නේ මෙම කෘමිනාශක කිරිපිටි සඳහා මුසු වී ඇති බවට ඔප්පු වී නැති බවත් තම රටේ මෙම ව්‍යාපාරය කඩා ඉහිරවීම සඳහා 'පරිසර ත්‍රස්තවාදීන්'අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්ය.

ඒ කෙසේ නමුත් පසු ගියදා ඇති වූ ඩීසීඩී ප්‍රශ්නයේදීද නවසීලන්තය රජය පැවැසුවේ මීට සමාන මතයක් වුවත් කිරිපිටිවල ඩීසීඩී අඩංගු බව පර්යේෂණ වලින් හෙළිවිය.

මෙරට වෙලඳ පොලේද වැඩිම අලෙවියක් සහිත කිරිපිටිවර්ගය වන්නේ ෆොන්ටේරා සමාගමේ නිශ්පාදනයක් වන ඇන්කර් නම් සන්නාමය සහිත කිරිපිටි වර්ගයය. මේ නිසා මෙම කිරිපිටි වල මේ කියනු ලබන කෘමිනාශක අඩංගුද නැද්ද යන්න ගැන වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුව තිබේ.

Last modified on Wednesday, 11 March 2015 13:15

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us