ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අද සිට 15%

Published in පුවත්
Wednesday, 11 March 2015 12:43

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ රුපියල් ලක්‍ෂ 10ට අඩු තැන්පතු සඳහා15%ක ඉහල පොලියක් ලබාදීම දැන් ආරම්භ කර ඇත. ඉකුත් අතුරු අයවැයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවක් වන මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන වරප‍්‍රසාදයක් බව කොළඹ ඊයේ (10) පැවැත්වු මාධ්‍ය හමුවක දී ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඞී.එම් ගුණසේකර කියා සිටියේය. වයස අවුරුදු 60 ඉක්මවු සියලූ තැනැත්තන් මෙහිද ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස සලකන බවද ඔහු කියා සිටියේය.

දෙසැම්බර් 31 වනදාට ගිණුම්වල පැවති තැම්පතු ශේෂය මත පදනම්ව පොලි ගෙවීම සිදුකරන අතර නව ගිණුම් සඳහා 60 පිරෙන ජේෂ්ඨ පුරවැසියන්ට මිලියනයක් බැංකුවක තැම්පත් කිරීම මගින් 15%ක පොලිය ඉදිරියේදී ලබා ගැනීමට හැකිය.

සිදුවිය හැකි විවිධ අකටයුතුකම් වලක්වාලීමේ අපේක්ෂාවෙන් නව ස්ථාවර තැන්පතු සඳහා අදාල පොලිය ලබාදීමේ දී කිසියම් සීමා පනවන බවද මෙහිදී ප‍්‍රකාශ කළේය.


15%ක අදාල ඉහල පොලිය බද්ද ගිණුම් සඳහා ලබා නොදෙන බවද ඞී.එම්. ගුණසේකර මහතා පවසනවා. යෝජිත වරප‍්‍රසාදය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පමණක් ලබාදීම සහතික කිරීම එයින් අපේක්‍ෂා කරන බව ඔහු කියා සිටියේය.

යෝජිත වරප‍්‍රසාදය සඳහා සලකා බැලෙන රුපියල් ලක්‍ෂ 10ක සීමාව එක් බැංකුවක තැන්පතු සඳහා නොව කිසියම් පුද්ගලයෙකු සමස්ත බැංකු ක‍්‍රමය තුළ පවත්වා ගෙන යන මුළු තැන්පතු සඳහා ම අදාල වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණි.

අදාල වරප‍්‍රසාදය ලබා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු සමස්ත බැංකු ක‍්‍රමය තුළ පවත්වා ගෙන යන සියලූ ගිණුම්වල ශේෂය රුපියල් ලක්‍ෂ 10හෝ ඊට අඩුවිය යුතුය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us