අල්ලස් කොමිසමේ පැමිණිලි විභාගයට තව අවුරුදු තුනක්වත් යනවාලු

Published in පුවත්
Wednesday, 11 March 2015 12:17

අල්ලස් හෝ දූෂණ විමරණ කොමිසමට ලැබී තිබෙන පැමිණිලි කන්දරාව සම්බන්ධයෙන් මූලික විමර්ශන නිම කිරීම සඳහා තව වසර දෙක තුනක්වත් ගත වනු ඇතැයි කොමසාරිස් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පවසයි.

පසුගියදා ඇය විසින් පවසා තිබු පරිදි දෙදහසකට ආසන්න පැමිණිලි ප්‍රමාණයක් අල්ලස් කොමිසම හමුවේ ගොඩ ගැසී තිබේ. මෑත දින කිහිපය තුලදීත් විශාල පැමිණිළි ප්‍රමාණයක් එම කොමිසම වෙත ඉදිරිපත් විය.

මෙහිදී පැමිණිළි පවතින නීති රීති ක්‍රියා පටිපාටිය ඔස්සේ විභාග කිරීම සඳහා අවශ්‍යය නිළධාරීන්ගේ හිඟ කම මූලික වශයෙන් බලපා ඇති බවත් එමෙන්ම සාක්ෂි එක්රැස් කිරීම හා ඒවා නිවැරදී තාවයන් තහවුරු කර ගැනීම ආදිය සඳහා විශාල කාලයක් ගත් වීමත් සිදුවන බව ඇය පවසයි. එමෙන්ම අල්ලස් කොමිසමට නීති ප්‍රකාරව ලැබී තිබෙන බල තල අනුව සීමා සහිත වපසරියක සිට වැඩ කිරීමට සිදුව ඇති නිසා ඇතැම් කරුණු අනාවරණය කර ගැනීමේ දුෂ්කරතාවයක් පවතින බවත් ඇය අවධාරණය කරයි.


කෙසේ නමුත් අල්ලස් කොමිසමේ කටයුතු පහසු කිරීම සඳහා උසස් පොලිස් නිළධාරීන් ඇතුව 53 දෙනෙකුගෙන් යුත් පොලිස් නිළධාරීන් පිරිසද අල්ලස් කොමිසම වෙත අනුයුක්ත කළ බවට වාර්තා පළ විය.


කෙසේ නමුත් හැකි ඉක්මනින් තමන් වෙත පැවැරී ඇති වගකීම ඉ‍ටු කරන බවත් අල්ලස් හෝ දුෂණ පිළිබඳ පැමිණිලි ඇතොත් ඒවා කොමිසමේ දුරකතන අංක 076 7011954 හෝ විද්්‍යුත් ලිපිනය වන This email address is being protected from spambots. You need JavaScript enabled to view it.” ට දන්වන ලෙසත් ඇය ඉල්ලා සිටී.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us