subash
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක මහතා එළඹෙන මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිතය.
'ස්වප්නා' කියන්නෙ මේ දිනවල සිරස ටීවී නාලිකාව ඔස්සේ තිරගතවන ඉතා ජනප්‍රිය හින්දි ටෙලි නාට්‍යක්. ලංකාවෙ නම 'ස්වප්නා' උනාට ඉන්දියාවේ තිරගත වෙන්නෙ Diya Aur Baati Hum යන නමින්.
එංගලන්ත අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී සසෙක්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවේ මහේල ජයර්ධන ගිවිසුම් අත්සන්කොට තිබේ.
ශාන්තිකර සාගරයේ ටොන්ගා දූපත සමීපයේ මුහුද යට පිහිටි ගිනිකන්දක් පිපිරීමෙන් අලුත් දූපතක් නිර්මාණය වී ඇත.
මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ ජන්ම දිනය යෙදි තිබුණේ පසුගිය 10 වන දිනට ය. එය නිමිති කොට ගෙන අනුස්මරණ උත්සවයක් ද සංවිධානය කොට තිබිණ. අදාළ අනුස්මරණ උත්සවයට සහභාගී වූ මා මහත් කම්පනයකට පත්වුණෙමි. එයට හේතු සාධක වූ කාරණා ද්විත්වයකි.
හින්දාල්කෝ නැමැති සමාගමට ගල්අඟුරු කොන්ත්‍රාත්තුවක් ලබාදීමේ සිද්ධියක් මත හිටපු ඉන්දීය අගමැති මන්මෝහන් සිංට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණි.
හිටපු ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ ගේ ජෝතිෂ්‍යවේදියා ලෙස ලොව පතල සුමනදාස උන්නැහේ ඊයේ අයිටීඑන් රූපවාහිනියට ඇවිත් කීවේ මහින්ද අතේ තියාගෙන මිරික මිරික සිටි ගැජමැටික් එක මැජික් එකක් නොවන බවය. ඒක අතේ එක්සයිස් එකට මිරිකන්න තියාගෙන හිටපු එකක් බවය. එයින් 10 ක්ම තිබුණු බවත් ඔහු කීවේය. නාමල් බේබිටත් එයින් පොඩි එකක් තිබුණු බවත් කිවේය.
උතුරේ බිම් බෝම්බ ඉවත් කිරීමට ජපන් රජයෙන් රුපියල් මිලියන 164ක්
උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය උදෙසා වන ආධාර ව්‍යාපෘතිය යටතේ ජපන් රජය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක මුදලක් ලබාදීමට අදාළ ගිවිසුම් වලට අත්සන් තැබීම අද (13) ශ්‍රී ලංකාවේ ජපන් තානාපතිතුමාගේ මූලිකත්වයෙන් ජපන් තානාපති නිල නිවසේදී සිදු කරන ලදී.
මෙරට සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවත් 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ‍්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේය.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මහින්ද රාජපක්ෂ මහතාව අගමැති අපේක්ෂකයා ලෙස නම් කිරීම සඳහා ගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙන් නෙත් ගුවන් විදුලි නාලිකාවට අදහස් දක්වමින් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසන්නේ ශ්‍රි ලනිපයෙන් අගමැති අපේක්ෂකයකු නම් කිරීමට ගන්නා උත්සාහය එජාපයේ වුවමනාවට සිදුවන බවය.
