ලංකාව 13 න් එහාට යායුතුයි(update)

Published in පුවත්
Friday, 13 March 2015 11:44

මෙරට සියලූ ජනකොටස්වලට සමාන අවස්ථා සැලසෙන දේශපාලන විසඳුමක් සඳහා 13 වන සංශෝධනය මුළුමනින්ම කි‍්‍රයාත්මක කළ යුතු බවත් 13 වන සංශෝධනයෙන් ඔබ්බට ශ‍්‍රී ලංකාව කටයුතු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බව කොළඹ ජනාධිපති කාර්යාලයේ ද්වීපාර්ශවික ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියේය.

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කරනු සඳහා සහය ලබාදීමට සූදානම් බවද ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 380 ක මුදලක් ප්‍රදානය කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යෝන්‍ය සැබැදියාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයේ කොටස්කරුවන් වීමට හැකියාව ලැබීම පිළිබඳ තමන් බෙහෙවින් සතුටුවන බවද පැවසුවේය.

“අසල්වැසියන් අතර සුහතාව වර්ධනය වීමට නම් විටින් විට ඔවුන් හමුවීම ඉතා වැදගත්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ආර්ථික සබදතාව දෙරටේ ශක්තිමත්ම පදනමයි. ඉන්දියාව, ශ්‍රී ලංකාව සමග ඉදිරියේ දී වඩාත් සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දෙරටේ ධීවර ගැටළු විසදීම සදහා දීර්ඝ කාලීන විසදුම් ලබා දීමට කටයුතු කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කලා. සංචාරන වීසා අවස්ථා ලබා දීම වැඩි කිරීමට පියවර ගන්නවා.“ යනුවෙන් ද මෝදි අගමැතිවරයා මෙම අවස්ථාවේ දී කියා සිටියේය.

ලංකාව හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය අනුව බලය බෙදමින් ඉන් එහාටද, යන විසඳුමක් ක්‍රියාත්මක කිරීම වැදගත් බවද, එහිදී ඔහු පැවසීය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ මහාබෝධි විහාරස්ථානයේදී විශේෂ උත්සවයක් ද අද පැවැත්වේ.

මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පිරිනමනු ලබන දිවා භෝජන සංග්‍රහයටද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගි වනු ඇත. එසේම පස්වරු 3.20 ට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය. පස්වරුවේ නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුරයේ සංචාරයක නිරත වේ.

......................................................................................................................................................................................

මෝදි ජනපති මෛත්‍රීව මුණගැසේ

දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර ද්වීපාර්ශවික සාකච්ඡා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී ඇත.

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා පෙරවරු 9.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පිවිසි අතර, ඔහුව පිළිගනු ලැබුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසිනි. අනතුරුව ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත හමුදා උත්තමාචාරයක් සහ සම්මාන වෙඩි මුරයක් ද පැවැත්වුයේය.

දැන් පැවැත්වෙන ද්වීපාර්ශවික සාකච්ඡාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ද එක්ව සිටින අතර අනතුරුව ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රිකයන් සහ ශ‍්‍රී ලංකා රජයේ බලධාරින් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තබනු ඇත.

modi my3 1

modi my3 3

 

modi my3 2

modi my

modi

mangala

Last modified on Friday, 13 March 2015 15:44

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us