නන්දන ගුණතිලක එජාපයෙන් මහ මැතිවරණයට !

Published in පුවත්
Friday, 13 March 2015 16:16

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රමුඛ පෙළේ නායකයකු මෙන්ම හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක මහතා එළඹෙන මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට නියමිතය.

ගුණතිලක මහතා ජවිපෙන් දේශපාලනය අරඹා එහි ජනාධිපති අපේක්ෂකයකුද වු අතර එජනිසයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. ඔහු පසුව ඉන් ඉවත්ව විමල් වීරවංශ මහතා සමඟ ජාතික නිදහස් පෙරමුණ පිහි‍ටුවා ගැනීමටද මූලික විය. නමුත් පසුව ඉන් ඉවත් වී ශ්‍රී ලනීපයට එක්විය.

එහෙත් අවසන් වරට පැවැති මහ මැතිවරණයේදී ඔහුව මහජන නියෝජිතයකු ලෙස තෝරා පත් කර නොගැනීමට ජනතාව තීන්දු කළේය. ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පානදුර සංවිධායක හා පානදුර නගර සභාවේ සභාපතිවරයාව සිට පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී මහින්ද රාජපක්ෂව පරාජය කළ යුතු යැයි ද ඒ සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය දිය යුතු බව කියමින් ආණ්ඩුවෙන් ඉවත් වූ මුල්ම ශ්‍රිලනීප පාක්ෂිකයා වූයේද ඒ මහතාය.

ඔහු ඒ වකවානුවේදි පළමු පෙරමුණ නම් සංවිධානයකට නායකත්වය දෙමින් මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ මැතිවරණ ව්‍යපාරයට සහය දැක්වීය.

මේවන විට ඔහු හා ස්වාධීන රුපවාහිනියේ මාධ්‍යවේදියකුව සිටි ව්‍යාපාරික අසංග ජයලත් මහතාව අගලවත්ත එජාප සම සංවිධායකවරු ලෙස පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.අගලවත්ත සංවිධාකව සිටි කිත්සිරි කහටපිටිය මහතාව ඉන් ඉවත් කර ඇත. අසංග ජයලත් මහතා පසුගිය ජනාධිපතිවරණයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙබ් අඩවි හා සමාජ ජාලා ප්‍රවර්ධන  කටයුතුවල යෙදී සිටියේය.

Last modified on Friday, 13 March 2015 16:30

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us