විමල්ට තමන් එදත් අනාතයෙක් වූ බව අමතක වෙයි Featured

Published in පුවත්
Wednesday, 11 March 2015 10:58

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකරුවෙකු නොවන්නේ නම්, තම පක්ෂයට සන්ධානය යටතේ මැතිවරණවලට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදුන්නේ ඇයි දැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ඊයේ (10) රාත‍්‍රියේ හිරු ටී වී ඔස්සේ විකාශය වූ වැඩසටහනටකදී ප්‍රශ්න කළේය.

ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය හා ගිවිසුමකින් බැඳී නැති බවද ඔහු පිලිගත් නමුදු ඔහුට ගැටලුව වී ඇත්තේ තමන් ඇතුළු නියෝජිතයන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබීම ගැනය.

විමල්ට මෙහිදී ඔහුගේ ඉතිහාසය අමතක වී ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුල් පාර්ශ්වකරුවකුව සිට ඉන් ඉවත් වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් වරයාව හා එම පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයාව සිටියදී තම පක්ෂයේ රහස් මහින්ද රාජපක්ෂගේ කණේ තැබීම නිසා ඔහුව පක්ෂයෙන් නෙරපා දමන ලදී. එහිදී දේශපාලනිකව හා පුද්ගල පැවැත්ම යන කාරනා දෙකෙන්ම අනාතභාවයට ලක්ව සිටි විමල් වීරවංශ ඇතුලු පිරිසට සානුකම්පිත හේතු මත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා දීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කළේය.

අනාතභාවයට ලක්ව සිටීම නිසා විමල්ට කේවල් කිරීම් සමඟ සන්ධානය හා ගිවිසුම්වලට එලඹීමේ හැකියාවක් එදා තිබුණේ නැත. අදත් ඔහුට සිදුවනු ඇත්තේ එක්කෝ සන්ධානයෙන් නාමයෝජනා හිඟා කන්නය. නැතිනම් මහින්ද රාජපක්ෂ සමඟ වළපල්ලට යාමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us