subash

subash

පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා අවම වශයෙන් මාස තුනක්‌වත් ගතවන බව මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අනෙකුත් පක්‌ෂ නියෝජිතයින්ට ඊයේ (10 දා) දැනුම් දී තිබේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මොහාන් සිල්වා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

උප සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න මහතාය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ඉල්ලීමක්‌ කරන්නේ නම් ඊට අවස්‌ථාව ලබාදෙන බව එම පක්‍ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ඊයේ (10 වැනිදා) පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අධිකරණ හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

 

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ, ජාතික විධායක සභාව අද(11) රැස්වී අවසන් තීරණයකට එළඹීමට නියමිතය.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යටතේ ප්‍රකාශයට පත් වන “දිනමිණ” පුවත්පතේ ජ්‍යෙෂ්ඨ සම කර්තෘවරයා වශයෙන් තරුණ මාධ්‍යවේදියකු වන චාමර ලක්ෂාන් කුමාර මහතා ව පත් කර තිබේ.

රක්නා ලංකා සමාගම හා ඇවන් ගාර්ඩ් සමාගම සම්බන්ධයෙන් මේවන විට ඇති වී තිබෙන ගැටළුකාරිත්වය ගැන දූෂණ විරෝධි පෙරමුණද විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරනු ලබයි.

නිදහස් මාධ්‍යයක් සඳහා නව ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ ඇති කැපවීම අභියෝගයට ලක්කරමින්, ජාත්‍යන්තර ඇගයීමට මෙන්ම එමි සම්මාන සඳහා නාම යෝජනා ලත් ‘යුද මුක්ත කලාපය: ශ‍්‍රී ලංකාවේ මිනිස් දඩබිම්’ (No Fire Zone: The Killing Fields of Sri Lanka) වාර්තා චිත‍්‍රපටයේ සිංහල පිටපත, මාර්තු 10 වැනිදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී එළිදක්වනු ලැබිණ.

රුපියල් බිලියන 520 ක වියදමින් තැනීමට සැලසුම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය මඟින් බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් නවතා දැමුණු අතර පසුව නැවත ටෙන්ඩර් පරික්ෂා කිරීමෙන් එය රුපියල් බිලියන 348ක අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ ඉන්ජිනේරූ සමාගමට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

මැද පෙරදිග රටවල සේවා සඳහා ගොස් සිටියදී අාබාධිත වූ සහ මරණයට පත්වූවන්ට වන්දි මුදල් පිරිනැමීමක් අද(10) විදේශ කටයුතු අමාත්‍යාංශෙය්දී සිදුවිය.

Connet With Us