අනුර කුමාරට එරෙහිව රහස් පොලිසියට පැමිණිලක්

Published in පුවත්
Wednesday, 11 March 2015 07:45

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අධිකරණ හෑල්ලුවට සහ අපහාසයට ලක් කරන ප්‍රකාශයක් කළේ යැයි රහස් පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. අනුර කුමාර දිසානායක මහතා පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකදී එම ප්‍රකාශය කර ඇති බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

එම ප්‍රකාශය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බලපන්ති ලුතිනන්වරයකු වූ (විශ්‍රාමික) ශාන්ත ජයතිලක යන අය විසින් එම පැමිණිල්ල කර තිබේ.

ඔහු කර ඇති පැමිණිල්ලට අනුව පසුගිය පෙබරවාරි 14 වැනිදා මහනුවර තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී 'බලපෙරළිය හා ජනතා අභියෝග' නමින් සම්මන්ත්‍රණයක් පවත්වා තිබේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් අයිතිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය මඟින් තහනම් කළ පසු එය නැවත ලබාදීමට අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ සහ අගමැති උපදේශක තිලක් මාරපන මහතා මැදිහත් වූ බව සඳහන් කර තිබේ.

ඒ අනුව ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ හිමිකරු වූ නිශ්ශංක සේනාධිපති මහතාගේ තහනම් කළ විදෙස් ගමන් බලපත්‍රය මහේස්ත්‍රාත්වරයා මුදා හැර ඇත්තේ විජේදාස රාජපක්ෂ මහතා සහ තිලක් මාරපන මහතාගේ බලපෑම මත බවට අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශයෙන් ඒත්තු ගැන්වෙන බව එම පැමිණිල්ල කළ අය කියා සිටියි.

තවද මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුව, මේ ප්‍රකාශය තුළින් බරපතළ ලෙස හෑල්ලුවට ලක් වෙන බැවින් එය මෙරට සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට අපහාසයට ලක් කිරීමක් බවද කියැවේ. අනුර කුමාර දිසානායක මහතාගේ මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය ස්වාධීන නැතැයි මතවාද ගෙන යන කොටි ඩයස්පෝරා‍ව සහ වෙනත් ජාත්‍යන්තර බලවේගවලට රුකුලක් වන බවද පැමිණිලිකරු කියා සිටියි.

මෙරට පුරවැසියකු මෙන්ම ත්‍රස්තවාදය විනාශ කර මෙරටට සාමය ගෙන ඒමට කැපවූ ආබාධිත රණවිරුවකු වශයෙන් තමාට අයිතියක් ඇති බැවින් මෙම පැමිණිල්ල කරන බවද පැමිණිලිකරු පවසයි.

එබැවින් මෙම පැමිණිල්ල විභාග කර අනුර කුමාර දිසානායක මහතා අධිකරණයේ ස්වාධීනත්වය හෑල්ලු කරමින් කර ඇති ප්‍රකාශයට එරෙහිව අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි.

 

dinamina

Last modified on Wednesday, 11 March 2015 07:57

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us