අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික විධායක සභාව අද(11) පෙරවරු 10ට රැස්වීමට නියමිත අතර මෙහිදී දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත.
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමා කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම, 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කිරීම, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ඇතුළු කරුණු රැසක් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අන්තර්ගත වේ.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ජාතික විධායක සභාවේ දී පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් පසුව හදිසි පනතක් ලෙස ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
dinamina