මේ තනතුර ලැබීමට පෙර ඒ මහතා ඉරුදින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස කටයුතු කළේය. “රිවිර ඉරිදා සංග්‍රහය” තම අලෙවියේ උපරිම තලයේ සිටි සාරවත්ම සමයේ එහි ප්‍රවෘත්ති හා ක්‍රීඩා කර්තෘවරයා ලෙස කටයුතු කරමින් සිටි චාමර ලක්ෂාන් මහතා ව ඉරුදිනට එක් කර ගත්තේ ඉහළ මිලක් ගෙවමිනි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ඇත්ත ඇති සැටියෙන් දුටු ජනප්‍රිය දහරාවේ මාධ්‍යවේදීන් අතර, චාමර ද ඉදිරියෙන් වූ අතර, විකල්ප දහරාවේ වෙබ් අඩවි සදහා ඔහු ජනාධිපතිවරණ සමයේ කථා බහට ලක් වූ ලිපි කිහිපයක් ම රචනා කළේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිධරයෙකු වන 36 හැවිරිදි චාමර සිය ශාස්ත්‍රපති උපාධිය ලැබුවේ කැලණිය විශ්ව විද්‍යාලයෙනි.