උතුරු අධිවේග මාර්ගය අඩුම ලංසුවට දෙයි. බිලියන 170 ක ඉතිරියක්

Published in පුවත්
Tuesday, 10 March 2015 16:44

රුපියල් බිලියන 520 ක වියදමින් තැනීමට සැලසුම් කර තිබූ උතුරු අධිවේගී මාර්ගය මඟින් බරපතල මුල්‍ය අක්‍රමිකතාවයක් සිදු වී ඇති බවට එල්ල වූ චෝදනා හේතුවෙන් නවතා දැමුණු අතර පසුව නැවත ටෙන්ඩර් පරික්ෂා කිරීමෙන් එය රුපියල් බිලියන 348ක අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබූ ඉන්ජිනේරූ සමාගමට ලබා දීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අඩුම ලංසුව ඉදිරිපත් කර ඇත්තේ එඩ්වර්ඩ් සහ ක්‍රිස්ටි නම් සමාගමටය.

මීට පෙර මේ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ලංසු තබා තිබු සමාගම් සමඟ සාකච්ඡා කිරීමේදී බිලියන 60 කින් පමණ මෙම ඇස්තමේන්තු මුදල් අඩු කළ හැකි බව පෙන්වා තිබිණි. ඒ අනුව හෙළිවූයේ මෙම ව්‍යාපෘතිය මඟින් බිලියන 60 ක පමණ කොමිස් මුදලක් පැවැති ආණ්ඩුවේ ප්‍රධානියකු අත පත්වීමට කටයුතු යේදී තිබුණු බවය.

කෙසේ නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා දෙශීය ඉන්ජිනේරු සමාගම් වන කේඩීඒ වීරසිංහ සහ සමාගම, මාගා ඉන්ජිනියරින් සමාගම( ඔවුන් මුල් ලන්සුවට වඩා බිලියන 65ක් මුදලක් අඩු කිරීමටද නව රජය හා එකඟ විය.) තුඩාවේ බ්‍රදර්ස්, ‍ෆිනිටි ලංකා යන සමගම් ඉදිරිපත්ව සිටියේය.

දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වයෙන් ඉදිකෙරෙන ප්‍රථම අධිවේගී මාර්ගය මෙයවේ. එහෙත් මෙහි පළමු කොටස සඳහා තවමත් ටෙන්ඩර් කැඳවීමක් සිදු කොට නැති අතර දේශීය කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන්නේ අදියර 2 සිට 6 දක්වා කොටස් බවද වාර්තාවේ.

1444

Last modified on Tuesday, 10 March 2015 16:49

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us