විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නව සභාපති මහාචාර්ය මොහාන් සිල්වා

Published in පුවත්
Wednesday, 11 March 2015 08:11

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මොහාන් සිල්වා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ ඇත.

උප සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය පී. එස්‌. එම්. ගුණරත්න මහතාය.

මහාචාර්ය මොහාන් ද සිල්වා යනු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය විද්‍යා පීඨ පීඨාධිපතිවරයායි. ඔහු ශල්‍යකර්ම වෛද්‍ය මහාචාර්යවරයෙකි.

මොහු එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨය, කොළඔ විශ්වවිද්‍යාලය යෙන් වෛද්‍යවේදී සහ ශල්‍යවේදී උපාධිය ලබාගත්තේය.

ඔහු ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ 22 සභාපතිවරයාදවේ.

මොහාන් ද සිල්වා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු විද්‍යාලයේ ජේෂ්ට ක්‍රිකට් පිලට ක්‍රීඞා කල අතර ඔහු සරා කුසලානය සඳහා එවකට සිලෝන් විශ්වවිද්‍යාලයයේ ක්‍රිකට් පිළෙහිද නායකත්වය දැරීය.

පී. එස්‌. එම්. ගුණරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ මහාචාර්යවරයෙකි.

මීට අමතරව කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස මහාචාර්ය හේමන්ත සේනානායක, ආචාර්ය උවයිස්‌ හනීෆා, මහාචාර්ය මලික්‌ රණසිංහ, ආචාර්ය වික්‍රම වීරසූරිය සහ හැරී සෙල්වනායගන් යන මහත්වරුන් පත්කරනු ලැබ ඇත.

Last modified on Wednesday, 11 March 2015 08:14

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us