subash
ලෝචනා මොනවද ඔබේ අලුත්ම තොරතුරු?
මේ දවස්වල ටෙලිනාට්‍ය කීපයකම ෂූටින්වලට සහභාගි වෙනවා. ඒත් එක්කම සුපුරුදු නිවේදන කටයුතුවලත් නිරත වෙනවා. තව මම රඟපාපු චිත්‍රපට කීපයක් තිරගත වෙන්න නියමිතයි. ඒ වගේම චිත්‍රපට කීපයකට ආරාධනා ලැබිලත් තිබෙනවා.
මෙල්බර්න් නුවරට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීමේ විශේෂ උත්සවයක් ඊයේ (07)සවස වික්ටෝරියා පාර්ලිමේන්තු මන්දිරයේ සම්මේලන ශාලාවේදී පැවැත්විණි.
සඳුන් ප්‍රියංකර විතානගේ රචනා කළ, එහෙටත් වහිනවැති කාව්‍ය නිර්මාණ එකතුව ජනගත කිරීම මාර්තු 14 සවස 3ට කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
පසුගියදා ශ්‍රී ලංකාවේ රජය මගින් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ එම සමාගම්වල නිත්‍යානුකුල අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවයි.
අයි.එස් සටන්කාමීන් විසින් ඉරාකයේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුත් පෞරාණික නගරයක් වන නිම්රුඩ්හි පුරාවස්තු සම්පූර්ණයෙන්ම විනාශ කරනු ලැබ තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඩෝසර් යොදා ගනිමින් සටන්කාමීන් මෙම නගරය විනාශ කර ඇති බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) බ්‍රිතාන්‍යය බලා පිටත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ක්‍රිස්නෝනිස් මහතා පත් කර තිබේ.
වැරැද්ද කළේ ඇවන්ගාඩ් නෙවෙයි. ආරක්ෂක අමාත්‍යංශයයි - විජේදාස රාජපක්ෂ
දින සීයෙන් කරන්නට බලාපොරොත්තු වුණ සියලු වෙනස්කම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හා ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම එලෙසම කරන බවත් අලුතෙන් ස්වාධීන කොමිසන් සභා දෙකක් ද ඇති කරන බවත් අධිකරණ හා කම්කරු ඇමැති ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා කියයි. වත්මන් දේශපාලනය ගැන සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය. එහිදී ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේය.
අලුත් කොමිෂන් සභා දෙකක්. යහපාලනය නමින් අලුත් අංගයකුත්
රාජ්‍ය මිල දී ගැනීම් අධීක්ෂණයට හා විගණන කටයුතු සඳහා අලුතින් ස්වාධීන කොමිෂන් සභා දෙකක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවා තිබූ ස්වාධීන කොමිෂන් සභා පහට අමතරව පිහිටුවන මෙම කොමිෂන් සභා දෙක 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කිරීමට නියමිතය.
මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ
මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.
