ජනපති අද එංගලන්තයට

Published in පුවත්
Saturday, 07 March 2015 09:44

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) බ්‍රිතාන්‍යය බලා පිටත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරුවේ සිව්දින නිල සංචාරයක් සඳහා ඔහු දිවයිනෙන් පිටත්ව යන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

අදාළ සංචාරය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය දින සැමරුම් උළෙලට ද සහභාගී වීමට ද නියමිතය. ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම උළෙලට එක්වේ. ජනාධිපතිවරයාගේ බි‍්‍රතාන්‍ය සංචාරයේ දී එරට අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතා සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතයි. සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්ඩායම් සමග ද ජනාධිපතිවරයා සාකච්ඡා කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලයීය සැමරුම් උළෙලට සහභාගී වන රාජ්‍ය නායකයින් සඳහා බකින්හැම් මාලිගාවේ දී මහරැජිණ විසින් පිරිනැමෙන රාත්‍රී භෝජන සංග්‍රහයකට ද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගී වනු ඇත.

මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ මෙම බි‍්‍රතාන්‍ය සංචාරයට 11 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් පමණක් සහභාගි වන බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us