පෝර්ට් සිටි වැඩ නැවැත්තුවට චීනයෙන් පොඩි ටොක්කක්

Published in පුවත්
Saturday, 07 March 2015 12:43

පසුගියදා ශ්‍රී ලංකාවේ රජය මගින් වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවැත්වීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ එම සමාගම්වල නිත්‍යානුකුල අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය අවධානය යොමු කළ යුතු බවයි.

මෙරට තුල චීන සමාගමක් විසින් දියත් කර තිබූ සිටි ඩොලර් බිලියන 1.5ක පමණ වන මේ ඉදිකිරීම් කටයුතු රජයේ අනුමැතිය ලැබෙන තුරු තාවකාලිකව නැවැත්වීමට පියවර ගනු ලැබුවේය. මේ පිළිබඳ අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා හුආ චිංයුන්ග් ප්‍රකාශ කරේ ශ්‍රී ලංකා රජය මෙය අවලංගු කිරීමක් නොව තාවකාලිකව නැවැත්වීමක් බව දැනුම් දී ඇති බවයි.

එසේම චීන රජය මේ කාරණය පිළිබඳ ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියමාර්ග සම්බන්ධයෙන් අවධායෙන් සිටින බව අවධාරණය කරන ඇය ශ්‍රී ලංකා රජය මෙරට ජාතික සංවර්ධනය, චීන සමාගම් මෙරට ආයෝජනය කිරීමට දරන උනන්දුව පිළිබඳ සහ චීන සමාගම් වල නෛතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අවධානය යොමු කරනු ඇති බවට විශ්වාස කරන බව වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

නව රජයේ දුෂණ පිටිදැකීමේ තීරණය යටතේ පෙර පැවති රජය සමඟ චීනය සමඟ පැවති අනවශ්‍ය ඇඟලුම් කම පිළිබඳ විවේචන එල්ල කරමින් තිබේ.

මේ වනවිට චීන සමාගම් රැසක් ලංකාව තුල වරාය ඉදිකිරීම්, හෝටල්, සාප්පු සංකීර්ණ, ගොල්ෆ් පිටි, නිවාඩු නිකේතන, සුපිරි තට්ටු නිවාස වැනි විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති රැසක් සඳහා මුදල් ආයෝජනය කොට තිබේ. රජයේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසුවේ චීන සන්නිවේදන ඉදිකිරිම සමාගමේ ( China Communications Construction Co Ltd. ) ව්‍යාපෘති අදාළ ආයතන වල ප්‍රමාණවත් අනුමැතියකින් තොරව අරඹා ඇති බවයි.

කෙසේවෙතත් පසුගිය බ්‍රහස්පතින්දා චීන රජය ප්‍රකාශ කරේ ශ්‍රී ලංකාව ලංකාවේ ආයෝජන කටයුතු සිදුකරන සමාගම් වල විශ්වාශය නොබිඳින අයුරින් කටයුතු කරනු ඇති බව බලාපොරොත්තු වන බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us