ක්‍රිස් නෝනිස් ජනපතිගේ ජාත්‍යන්තර උපදේශක තනතුරට

Published in පුවත්
Saturday, 07 March 2015 09:15

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශකවරයා ලෙස ක්‍රිස්නෝනිස් මහතා පත් කර තිබේ.

ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ(06) පස්වරුවේ ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

පසුගිය කාලයේ ක්‍රිස්නෝනිස් මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළේය.

ලන්ඩන් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරියෙකු වන හෙතෙම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු ද වෙයි.

ඔහු වෛද්‍යවරයෙකු ලෙස වසර ගණනාවක් බි‍්‍රතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ කටයුතු කර තිබේ. ජාත්‍යන්තර සංවිධාන රැසක ඉහළ නිලතල දරා ඇති ක‍්‍රිස් නෝනිස් මහතා රාජකීය පොදු රාජ්‍ය මණ්ඩලයීය සංගමයටද එක් වූ ලාංකිකයෙකි. පසුව එහි නියෝජ්‍ය සභාපති ධුරයද ක‍්‍රිස් නෝනිස් මහතා විසින් හොබවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us