ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයේ සංවිධායකත්වයෙන් හා වික්ටෝරියා පාර්ලිමේන්තුවේ අනුග්‍රහයෙන් පැවැති එම විශේෂ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූයේ වික්ටෝරියා ප්‍රාන්ත සංචාරක අමාත්‍ය ජෝන් අරන් මහතාය.
මෙහිදි විශේෂ දෙසුමක් කළ ප්‍රකට විගමනික නීති උපදේශක සුසන්ත කටුගම්පල මහතා පවසා සිටියේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සියළුම ශ්‍රී ලාංකිකයන් දෙරට අතර සුහදතාව වැඩි දියුණු කළ යුතු බවයි. මෙම අවස්ථාවට ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිනියක් වන වෛද්‍ය තනුජා කටුගම්පල මහත්මියද සහභාගි විය.
උළෙලට සහභාගි වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකා කණ්ඩායම අමතමින් ලෝක කුසලානය සමඟින් හා සුසන්ත කටුගම්පල මහතා තම දෙසුම කරද්දි ගත් ඡායාරූප මෙහි දැක්වේ.