මහින්ද නෑ, මන්ත්‍රී 100ත් නෑ, ලක්ෂ 8 ජනතාවත් නෑ, වැඩකුත් නෑ Featured

Published in පුවත්
Friday, 06 March 2015 20:21

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා යැයි කියමින් අද මහනුවර නගරයේ පැවැති ‍රැළිය එම සංවිධායකයන් බලාපොරොත්තු වූ තරමේ අහලකටවත් ගැනීමට සමත් වී නැත. මෙම ‍රැළිය සඳහා මහින්ද රාජපක්ෂට ආරධානා කළ මුත් ඔහු මඟුල් ගෙයක් තිබෙනවා යැයි කියමින් ඒ මඟ හැර තිබේ.

එමෙන්ම ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්තීවරු පළාත් සභා මන්ත්‍රීවරු 100ක් සහභාගී වන බවට ප්‍රචාරයක් දියත් කළ ද ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සහභාගී වී සිටියේ දිළුම් අමුණුගම පමණි. ශ්‍රි ලනීප පළාත් සභා මන්ත්‍රීවරු පහක් පමණ සහභාගී වීසිටිනු දකින්න ලැබිණි. මෙම වැඩ පිලිවෙලට මහත් උනන්දුවෙන් මුලදී පෙනී සිටි ප්‍රසන්න රණතුංග මහතාද ‍රැළිය මඟ හැර හදීසියේම ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියේය.

මෙහි වැදගත සිදු වීම නම් අඩු ජනතා සහභාගිත්වයයි. ලක්ෂ 08 ක ජනතා සහභාගිත්වයක් බලාපොරොත්තු වන බව මෙම සංවිධායකයන් පැවැසූ නමුත් පන්දහසකවත් ජන සහභාගිත්වයක් තිබුණේ නෑත.

නුගේගොඩ ‍රැළිය සඳහා ලක්ෂ 05ක ජනතාවක් ‍රැස්වූ බව විමල් වීරවංශ මහාතා පැවැසූවද පොලිස් වාර්තා අනුව ඒ දොලොස් දහසකට ආසන්න විය.

කෙසේ නමුත් මෙම ‍රැළියෙන් අපෙක්ෂා කළ බලාපොරොත්තු බිඳ වැටීම සිදුව තිබේ. තවදුරටත් මහින්ද රාජපක්ෂගේ මූනත් තහඩුව ඔසවාගෙන යෑමේ තේරුමක් නැති බව තේරුම් ගැනීමට මෙම අනාත දේශපාලකයන්ට නොහැකි වේ නම් ඒ ඔවුන්ගේ දේශපාලන මෙන්ම පෞද්ගලික පෞර්ෂයේ බංකොළොත් කම ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ.

මෙම ‍රැළියේදී වඩාත්ම විසුළු කාරී ප්‍රකාශය කළ වාසුදේව නානායක්කාර මහතා 'වර්තමානයේ තම පාර්ශ්වය අනාථ වී ඇතැයි ද අහිමිවු බලය යළි අතට ගැනීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නැගි සිටිය යුතු.. බවත් සඳහන් කළෙය.

වීරවංශ කීවේ වත්මන් පාලනය පෙරළිය හැකි බලවේගයක් අවශ්‍ය බවත්, එම බලවේගය මහින්ද රාජපක්ෂ මහතා බවත්, ජනතාව ඔහු වටා එක්වන්නේ කාන්දමක් ලෙස බවත්, කැඳයින් වටා ජන බලවේග එක්වන්නේ නැති බවත්ය. මේ කැඳයන් කීවේ මහනුවර වේදීකාවේ සිටි ඔහු ඇතුළු අනෙක් නඩයට දැයි  සැකසහිත බව දේශපාලන විචාරකයෝ පවසති. මන්ද මහින්දගේ මූණත් තහඩුව නොමැතිව මේ අනාතයන්ට ගමනක් නැති බව මේවන විටත් පැහැදිලි බැවිනි.

 

 සැබැඳි පුවත්:

මහනුවරට මහින්ද සමඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 100 ක් ! ලක්ෂ 8 ක සෙනඟකුත් !!

මහින්ද හෙට මහනුවර එනවාමයි ! - ජනිපෙ

kandy-wimal.1

 

 

Last modified on Saturday, 07 March 2015 08:11

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us