නුගේගොඩ රැළිය සඳහා ලක්ෂ 5 කට අධික ජනතාවක් එක් රැස් වීම නිසා මහින්ද රාජපක්ෂ මහතාද අගමැති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රමුඛත්වයෙන් බිහිවන නව පෙරමුණකින් තරග කිරීමටද එකඟ වී ඇති බව පක්ෂයේ ඉහළ නිළධාරීන් තමන්ව දැනුවත් කොට ඇති බවත්
ඔහු පවසයි.
තමාගේ සහභාගිත්වයකින් තොරව තමන් වෙනුවෙන් මෙතරම් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉදිරිපත් වීම නිසා එම ජනතාවට කරන කළ ගුණ සැලකීමක් ලෙස ඉදිරි මහ මැතිවරණය ඉදිරිපත් විය යුතු බව එම පවුලේ තීරණය ද වී ඇති බවත් එමෙන්ම මහනුවරට ලක්ෂ 08 පමණ ජනතාවක් පැමිණෙනු ඇති බවත් තම පක්ෂය විශ්වාස කරන බවත් ඔහු පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගනනාවක්ම එම පක්ෂයේ තීරණය නොතකා මෙම රැළියට සහභාගී වෙමටද නියමිතය.