මහනුවරට මහින්ද සමඟ ශ්‍රීලනිප මන්ත්‍රීවරු 100 ක් ! ලක්ෂ 8 ක සෙනඟකුත් !!

Published in පුවත්
Friday, 06 March 2015 08:45

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සඳහා සංවිධානය කරන ‍රැළි මාලාවේ දෙවැන්න අද (06 දා) පස්‌වරු 3.00 ට මහනුවර මධ්‍යම වෙළෙඳපොළ අසල පැවැත්වේ. මේ සඳහා මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර ඇති බවත් ඔහු ඊට සහභාගී වනු ඇති බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා පැවැසීය.

එමෙන්ම මේ සඳහා ශ්‍රී ලනීපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් සභා මන්ත්‍රීවරුන් සියයක්‌ පමණ සහභාගි වනු ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

තම තනතුරුවලට වඩා රටට ආදරය කරන ශ්‍රී ල.නි.ප. මහජන නියෝජිතයන් සිටින බව මෙම රැලියෙන් පැහැදිලි වනු ඇතැයිද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවැසීය.

පසුගියදා පැවැති නුගේගොඩ ‍රැළියට ලක්ෂ 05 ජනතාවක් පැමිණි බවත් මෙම ජනරැලිය සඳහා ලක්ෂ 08 ක ජන සහභාගිත්වයක් වන බවත් ජාතික නිදහස් පෙරමුණ පවසා තිබිණි..

මෙම ජනහමු මාලාවේ තුන්වැන්න අනුරාධපුරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ඉන් අනතුරුව රත්නපුර, කුරුණෑගල, මොනරාගල, ගම්පහ හා මාතර නගර වලදීද රැස්‌වීම් සංවිධානය කර තිබේ.

Last modified on Friday, 06 March 2015 09:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us