ඉන්දීය විදේශ ඇමැතිනි සුෂ්මා අද ශ්‍රී ලංකාවට

Published in පුවත්
Friday, 06 March 2015 08:11

‍දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය අද (06) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එළ‍ඹෙන 13 දා ‍ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර ‍මෝදි මහතා මෙරටට පැමිණීමට නියමිතව ති‍බෙන අතර ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීමට වි‍දේශ කටයුතු ඇමැතිවරිය ‍මෙරටට පැමි‍ණෙන බව වි‍දේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

‍මෙරට රැදී සිටින කාලය තුළදී ඒ මහත්මිය අගමැති රනිල් වික්‍රමසිංහ, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහත්වරුන් හා රජයේ ඉහළ ‍පෙ‍ළේ නිලධාරීන් හමුවීමට බලාපොරොත්තු වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර මෝදි මහතා සිය ශ්‍රී ලංකා සංචාර‍යේ දී යුද්ධයෙන් විනාශයට පත් උතුරු පළා‍තේ දිස්ත්‍රික්ක කිහිපයක සංචාරය කිරීමට බලාපොරොත්තු වන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ අනුරාධපුරයේ ද සංචාරය කිරීමට නියමිතව ති‍බේ.

Last modified on Friday, 06 March 2015 08:22

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us