රාජපක්ෂලා පැන්නු මුදල් හොයන්න ලෝක බැංකුවේ විශේෂඥ කණ්ඩායමක් එයි Featured

Published in පුවත්
Friday, 06 March 2015 08:05

 

මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ලෝක බැංකුවේ විශේෂ නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

 

ඒ සම්බන්ධයෙන් වන ලෝක බැංකුවේ විශේෂ ඒකකයක් වන Stolen Asset Recovery Initiative (StAR)හී නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව පසුගිය බදාදා පැමිණි බව නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

පසුගිය රජය සමයේ දී විවිධ පුද්ගලයන් සිදුකර තිබෙන මූල්‍ය වංචා සහ වත්කම් උපයා ගැනීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමේ අරමුණින් එම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ද ඒ මහතා පෙන්වා දෙයි.

 

සංචාරයක් සඳහා අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජේ.සී වැලිඅමුණ මහත්වරු ලෝක බැංකු නියෝජිතයන් හමුවී සාකච්ඡා කර තිබෙන අතර ඒ අවස්ථාවේ දී මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබේ. එම ආරාධනය අනුව අදාළ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි අතර මීට අමතරව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ලෝකයේ විවිධ රටවලින් ශ්‍රී ලංකාව ඉල්ලීමක් ද කර ඇත. වත්මන් රජය බලයට පැමිණි පසු ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටුකරමින් වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලා ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ද එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

 

මේ අතර එවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා යටතේ විශේෂ මූල්‍ය වංචා සෙවීමේ ඒකකයක් ද ස්ථාපිත කර තිබේ.

 

වාර්තා වී ඇති තොරතුරු අනුව 2013 වර්ෂයේදී පමණක් ඩොලර් බිලියන් 5.31 ක්(කෝටි 70,000 ක් පමණ) මුදල් ප්‍රමාණයක් මෙරටින් පිට කර තිබේ

 

Last modified on Friday, 06 March 2015 08:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us