තාක්ෂණ විෂය හදාරණ සිසුන් අතරමං නොකරනු(video/photos)

Published in පුවත්
Friday, 06 March 2015 14:49

මෙවර උසස්පෙළ විභාගය සදහා තාක්ෂණ විෂය ධාරාව යටතේ මුහුණ දෙන සිසුන්ගේ ශිෂ්‍ය අයිතිවාසිකම් අහිමි කිරීමක් සිදුවන බව පවසමින් ශිෂ්‍යයින් අද (06) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරතවූයේය.

උද්ගෝෂණයේ නිරත ශිෂ්‍යයින් මෙහිදී පවසා සිටියේ අඩු පහසුකම් මධ්‍යයේ ඉගෙනීම බලන පාසැල් සිසුන්ට තාක්ෂණ විද්‍යාලවල සිසුන් සමග සම මට්ටමින් විභාගයට මුහුණ දීමට සිදුවීම අසාධාරණ බවයි.

මෙම විභාගය සදහා ප‍්‍රථමවතාවට පෙනී සිටින පාසැල් සිසුන් වසර දෙකක් පුරා අපහසුතා රැසක් මධ්‍යයේ වුව බලාපොරොත්තු සහගතව අධ්‍යාපනය ලැබූ නමුත් අද වන විට සිසුන් අසරණ තත්වයකට පත්ව අැති බවත් පැවසුවේය. විෂය ඉගැන්වීමට ගුරුවරු නොමැතිකම සහ ලැබ් පහසුකම් නොමැතිකම මත මෙම විෂය හදාරණ 16 000ක් වූ සිසුන් අසාධාරණයට ලක්ව අැති බව ඔවුන් පැවසුවේය.

මෙම උද්ගෝෂණයට සහාය පළකරමින් ලංකා ගුරුසංගමය ප‍්‍රකාශකර සිටියේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැවැන්ත හඩක් නගමින් තාක්ෂණ විෂය ධාරාව හදුන්වා දුන්නද ඒ සදහා විධිමත් ක‍්‍රමවේදයක් ඇති නොකළ බැවින් සිසුන් බොහෝමයක් අපහසුතාවට පත්ව ඇති බවයි.

තාක්ෂණ විෂය හදාරණ සිසුන්ට NVQ3 මට්ටමේ සහතිකයක් ලබා දෙන බව පොරොන්දු වී තිබුණද අද වන විට සාමාන්‍ය NVQ සහතිකයක් ලබාදෙන බව පවසා සිටීම ද අසාධාරණයක් බව පැවසුවේය.

බලධාරීන් පසුගිය ජනවාරි 23 වන දින විදුහල්පතිවරුන් දැනුවත් කරමින් ප‍්‍රකාශකර ඇත්තේ මෙම විෂය හදාරණ පාසැල් සිසුන්ට බාහිර අයදුම්කරුවන් සමග විභාගයට වාඩි වීමට ඉඩ නොතබන බවයි.නමුත් අද වන විට තාක්ෂණ විද්‍යාලවල සිසුන් සමග සම මට්ටමින් විභාගයට මුහුණ දීමට සිදුව ඇත.

තාක්ෂණ විද්‍යාලවල සිසුන්ට මෙම විෂය සම්බන්ධව පූර්ණ දැනුමක් ලබාදෙන අතර පාසැල් සිසුන්ට එම සම අධ්‍යාපන මට්ටම ලබා නොදෙන බැවින් මෙම දෙපිරිසට එකම විභාගයකට මුහුණ දීමට සිදුවීම විශාල අසාධාරණයක් බව ඔවුන් පැවසුවේය. එසේම තාක්ෂණ විද්‍යාල තුළ පමණක් ඇති විෂයන් මේ විභාගයේදී අයදුම් කිරීමට ඉඩදී ඇති අතර ඒවා පාසැල් තුළ නොමැති විෂයන් වීම ද පාසැල් සිසුන්ට විශාල අසාධාරණයක් බව පවසා සිටියේය.

පසුගිය දිනෙක ගාල්ලේදී අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාව මේ ප්‍රශ්නය පිළිබදව දැනුවත් කළ බවත් එහිදී ඔහු සිසුන්ට අසාධාරණයක් සිදු නොකරණ බවට පොෙරාන්දුවී අැත. නමුත් අද වන විට ඒ පිළිබදව කිසිදු පියවරක් ගෙන නොමැති බවත් ලංකා ගුරු සංගමය ලෙස මෙම ප‍්‍රශ්නයේදී සිසුන් සමග අත්වැල් බැදගන්නා අතර මෙම ගැටලුව ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම්දීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමය පැවසුවේය.

DNP 7069

DNP 7074

DNP 7084

DNP 7100

DNP 7101

DNP 7118

DNP 7129

DNP 7133

DNP 7142

DNP 7147

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us