රජයේ ලේකම්වරුන්ගේ කටට වැටක්

Published in පුවත්
Sunday, 08 March 2015 09:29

යම් අමාත්‍යාංශයක හෝ ආයතනයක විෂය පථයට අදාළව මහජනතාවට හෝ ජනමාධ්‍යයට තොරතුරු සැපයීමෙන් මුළු රජයමත් ආයතනයක්‌ හෝ නිලධාරියකු අසීරුතාවට පත්වීමට ඉඩ ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව කටයුතු කිරීමට වග බලා ගත යුතු යෑයි ජනාධිපති ලේකම් පී. බී. අබේකෝන් මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට හා පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ලි ඛිතව දැනුම් දී ඇත.

ජනාධිපති කාර්යාලය ලි ඛිත දැනුම් දීම කර ඇත්තේ ඊට අදාළ රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2015/4 චක්‍රලේඛය අනුවය.

විවිධ විෂයයන් පිළිබඳව මෙසේ නිලධාරීන් ජනමාධ්‍ය වෙත ලබා දෙන ඇතැම් තොරතුරු හේතුවෙන් පසුගිය කාලවකවානුවේ දී ගැටලුකාරී තත්ත්වයක්‌ උද්ගත වී ඇති බව නිරීක්‍ෂණය වී ඇතැයි ද මෙම තත්ත්වය පිළිබඳව කඩිනම් අවධානය යොමු කර එවැනි තත්ත්වයන් ඇති නොවීමට අවශ්‍ය පියවර ගත යුතු යෑයිද එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.

තවද ජනමාධ්‍යයට හෝ මහජනතාවට නිල තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වන ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව සියලුම රජයේ නිලධාරීන් කටයුතු කළ යුතු වන අතර ඉන් පරිබාහිරව කටයුතු කර කිසියම් ගැටලුකාරී වාතාවරණයක්‌ මතු වුවහොත් ඒ සමබන්ධයෙන් විනයානුකූලව ක්‍රියා කරන බව නිලධාරීන්ට දැන්වීමට පියවර ගන්නැයි එම චක්‍රලේඛයෙන් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරනු ලැබ ඇත.

දිවයින ඇසුරෙනි

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us