අපිට ඕනේ සාධාරණ විසඳුමක් - දෙමළ ජාතික සන්ධානය

Published in පුවත්
Saturday, 07 March 2015 23:29

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිගත හැකි සාධාරණ අවංක වූ විසඳුමක් ඉදිරිපත් වේ නම් ඊට එකඟ වන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දෙමළ ජාතික සන්ධානය එම අදහස පළ කළේ, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමින් සිටින ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී.

එම සාකච්ඡාවෙන් අනතුරුව බීබීසී සිංහල සේවයට ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්, එවැනි අවංක විසඳුමක් ඉදිරිපත් වුනොත් තනි රටක් තුළ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සහතික කර ගත හැකි බවයි සඳහන් කළේ.

‘පසුගියදා ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු විපර්යාශයට තමන් ද දායක වූ බව සහ එම නව පාලනය රට සඳහා උචිත බව’ තමන් ඉන්දීය විදේශ ඇමතිවරියට දැනුම් දුන් බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසන්නේ.
පවතින ගැටළු

යුද නිලධාරියකු වෙනුවට උතුරේ ආණ්ඩුකාර පදවියට සිවිල් පරිපාලන නිලධාරියකු පත් කරනු ලැබීම සහ පළාත් සභාවට ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිසරය සැකසීම අගය කරන දෙමළ ජාතික සන්ධානය, යුද සමයේ ඉඩම් අහිමි ජනතාවට ඔවුන්ගේ ඉඩම් යළි ලබා දීම මෙන්ම සිරභාරයේ සිටින දෙමළ තරුණයන් මුදා හැරීමට පියවර ගැනීම පිළිබඳව ද ඉන්දීය විදේශ ඇමතිවරිය සමඟ සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් කියා සිටියේ.

නව ආණ්ඩුව ගනු ලබන යහපත් පියවර තවත් පෙරට ගෙන යා යුතු බව පවසන දෙමළ ජාතික සන්ධානයේ නායකයා සියලු දෙනා එකමුතුව රටේ ප්‍රශ්න වලට විසඳුමක් සොයා ගත යුතු බවත් අවධාරණය කරයි.
ඒ සඳහා ඉන්දියාවේ සහයෝගය ලැබිය යුතුය යන්න දෙමළ ජාතික සන්ධානයේ අදහසයි.
බලය බෙදීම

ශ්‍රී ලංකාවේ බලය බෙදීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් සමඟ සාකච්ඡා කළ බව සඳහන් කළ දෙමළ ජනතා සන්ධානයේ නායකයා ‘බොරු විසඳුම් නොව සාමය උදා කෙරෙන වැඩ පිළිවෙලක් ඉදිරිපත් කෙරුනොත් තනි රටක් ඇතුළත විසඳුම් මාර්ගයකට යාමට තමන් සූදානම්’ බවයි පවසන්නේ.
අව්‍යාජ වැඩ පිළිවෙලක් නම් ‘රට බෙදීමෙන් තොරව එවැනි සැලැස්මක් භාර ගැනීමට තමන් සූදානම් බවයි' ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිසීම නිසා දේශීය මසුන් මරන්නන්ට අත් වන අලාභය පිළිබඳවත් ඉන්දීය විදේශ ඇමැතිවරියට පෙන්වා දුන් බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන්, සිය රටේ ධීවරයන් සමඟ සාකච්ඡා කොට සුදුසු විසඳුම් මාර්ගයක් කරා අවතීර්ණ වන බව ඇමතිවරිය ප්‍රකාශ කළ බවත් කියා සිටියි.

- bbc

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us