සුෂ්මා ස්වරාජ් විදේශ කටයුතු අමාත්‍යවරිය සමග දූත පිරිස ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණෙන ලදී.
දෙදිනක කාලයක් මෙරට රැඳී සිටින ඉන්දීය විදේශ අමාත්‍යවරිය විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මෙරට සංචාරය සම්බන්ධයෙන් පූර්ව කටයුතු සම්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකරනු ඇති බව සඳහන්ය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය ඊයේ(06) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූ අතර අද දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමටද නියමිතය.