රනිල්ගේ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවේ විරෝධය

Published in පුවත්
Sunday, 08 March 2015 08:50

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීම් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයට දකුණු ඉන්දීයාවෙන් විරෝධය පලවේ.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මසුන් මැරීමට පැමිණීම හේතුවෙන් වෙඩි තැබීමට හේතු වුවහොත් ශ්‍රී ලංකා නාවික හමුදාවට මානව හිම් කම් චෝදනා එල්ල විය යුතු නැති බව දකුණු ඉන්දීය රූපවාහිනී ආයතනයක් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

තමන්ගේ නිවසට කිසිවකු බලහත්කාරයෙන් ඇතුල් වෙනවා නම් තමාට වෙඩි තැබීමට නීතියෙන් ඉඩ කඩ ඇති බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට නොපැමිණ ඉන්දීය කලාපයේ මසුන් මරන්නේ නම් මේ ප්‍රශ්නය උද්ගත නොවන බව ඔහු පැවසුවේය.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු කලාපයට පැමිණීම හේතුවෙන් උතුරේ ධීවරයන්ගේ ජීවිකා වෘතියට බලපෑමක් එල්ලවී ඔවුන්ගේ ආදායම අහිමිවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා අගමැතිවරයා එවැනි තදබල ප්‍රකාශයක් කිරීම අනුමත කළ නොහැකි බවත් සිදු කළ යුත්තේ එම ධීවරයන්ට ආරක්ෂාව සැපයිම බව දකුණු ඉන්දීය දේශපාලකයන් පැවසුවේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක සයද් අක්බරුදීන් (Syed Akbaruddin) පැවසුවේ මේ ප්‍රශ්නය සාමකාමීව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳා ගැනීමට හැකියාව ඇති බවයි.

“අපි විශ්වාස කරනවා අපිට එකමුතුව, සාමකාමීව, රාජ්‍ය තාන්ත්‍රික ආකාරයට මේ ප්‍රශ්නය විසඳා ගැනීමට හැකියාව තිබෙන බව, ” ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයා මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us