අතුරුදන් මැලේසියානු යානය ඉන්දීය මුහුදේ

Published in විදෙස්
Saturday, 07 March 2015 16:15

මීට වසරකට පමණ පෙර අතුරුදන් වූ MH370 මැලේසියානු ගුවන් යානය දකුණු ඉන්දීය මුහුදු ප්‍රදේශයෙන් සොයාගත හැකි බවට තමන්ට විශ්වාසයක් ඇතැයි මැලේසියානු ප්‍රවාහන ඇමතිවරයා පවසා තිබේ.

ඇමතිවරයා පවසන පරිදි ක්වාලා ලම්පුර් සිට බිජිං දක්වා ගමන් කරමින් සිටියදී මගීන් 239ක් සමඟ අත්රුදන්වූ යානය සොයා තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරනු ලැබේ.

ඕස්ට්‍රේලියානු පරීක්ෂක කණ්ඩායමක් ඉන්දියන් සාගරය අවට පරීක්ෂණ කටයුතු බාරව ක්‍රියාකරන අතර මෙම සතිය අවසානයේ පරීක්ෂණ වාර්තාව එලි දැක්වීමට නියමිතයි.

මෙම වසරේ මුල කාලයේ මැලේසියානු රජය MH370 යානය අනතුරට පත්බව සළකා අතුරුදන් වුවන්ගේ පවුල් වෙත වන්දි පිරිනැමීමට තීරණය කරනු ලැබුවා. නමුත් යානය සෙවීමේ පරීක්ෂණ කටයුතු දිගටම පවත්වාගෙන යාමට තීරණය කර තිබුණි.

මැලේසියානු ප්‍රවාහන අමාත්‍ය ලිඕව් පවසන පරිදි මෙම වසරේ මැයි මසදී පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර ඊට පෙර යානය සොයාගත හැකි බවට විශ්වාසය පළකර තිබේ. එසේම මෙම සති අන්තයේ එලි දැක්වීමට නියමිත පරීක්ෂණ වාර්තාව අවසන් එක හෝ තාවකාලික පරීක්ෂණ වාර්තාව බව තවම පැවසිය නොහැකි බව ඔහුගේ අදහසයි. මෙම පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට පෙර මැලේසියානු රජයට ලබා දීමට නියමිතයි.

කෙසේවෙතත් අතුරුදන් මගීන්ගේ ඥාතීන් පවසන්නේ මැලේසියානු රජය යානය සම්බන්ධ තොරතුරු වසන් කර බවයි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන මැලේසියානු ප්‍රවාහන ඇමතිවරයා පරීක්ෂණ කණ්ඩායම් වලට ඉන්දියන් සාගරය අවට යානය ඇති බවට විශ්වාස කළ හැකි තොරතුරු ලැබී ඇති බව පවසා තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us