හැඩැති සිරුරක්‌ සඳහා ව්‍යායාම වෙනුවට නැටුම්

Published in Gossip
Thursday, 12 March 2015 17:25

අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තරබාරු බව. තරබාරු නැති උනත් අපි හැමෝම කැමතියි නිරෝගී හැඩති සිරුරක් පවත්වාගෙන යන්න. ඒත් ඉතින් ඒ වෙනුවෙන් ව්‍යායාම කිරීම හරිම කම්මැලි වැඩක් වෙන්න ඇති. ඒවගේම ව්‍යායාම කිරීම සඳහා gym එකකට යන්නත් ඔබ අකමැති ඇති. ඒ වෙනුවට ඔබට නර්තනයේ යෙදෙන්න පුළුවන්.

නර්තනය කියන්නේ ඉතා පැරැණි කාලයේ සිට පැවතගෙන එන ව්‍යායාම විශේෂයක්. නර්තනයේ යෙදීම මගින් ඔබට නිරෝගී වගේම නම්‍යශීලි හැඩති සිරුරක් ලබගන්නහැකි වේවි. වර්තමානය වනවිට නර්තනයේ යෙදීම වඩා සාර්ථක ව්‍යායාමයක් ලෙස ලොව පුරාම ජනප්‍රිය වී අවසන්. අද ලෝකයේ නර්තන විදි විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා.

මේ සඳහා ඔබට ඕනෑම නර්තන ශෛලියක් යොදාගන්න පුළුවන්. උදාහරණ ලෙස බෝල්රුම්, බැලේ, ජෑස්, හිපොප්, ලතින් ඇමරිකානු, මොඩර්න් යන ඕනෑම ශෛලියක් මේ සඳහා යොදාගන්න පුළුවන්. ඔබට අවශ්‍යනම් දේශීය නර්තනයක් උනත් තෝරාගන්න හැකියාව තියෙනවා. අනිත් කාරණය තමයි ඔබ ව්‍යායාම සඳහා gym එකකට යනවනම් හරි කුමන හෝ ක්‍රීඩාවක් පුහුණු වෙනවනම් හරි අමතර කරදර රාශියකට මුහුණ දෙන්න සිදුවීම. ඒ සඳහා වෙනම ඇඳුම් ගන්න, අමතර වියදම් රාශියක් කරන්න, නියමිත දින ගණනාවක් ඒ සඳහා සහභාගි වෙන්න සිදු වේවි. ඒ වගේම ලොකු කැපවිමකුත් අවශ්‍ය වේවි.

නමුත් නර්තනය සඳහා මේ කිසිවක් අවශ්‍ය නොවීම තමයි තියන විශේෂත්වය. ඕනෑම අවස්ථාවක නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ චලනයන් පහසුව සිදු කිරීමට හැකි ඇදුමක් dancing1පමණයි. ඒවගේම ටික කාලයක් නර්තනය හැදෑරීමෙන් පසු ඔබට ගෙදර සිටත් තනිවම නර්තනයේ යෙදෙන්න අවකාශය ලැබෙනවා. අද ඕනෑ තරම් නර්තන පාඩම් අනතර්ජාලය තුල දකින්න ලැබෙනවා.

අනිත් වැදගත් කාරණය තමයි කිසිම කෙනෙක් නර්තනයෙන් සතුටක් ලැබුවට පස්සේ එකෙන් ඈත වෙන්නේ නෑ . වැඩිහිටියන්ට තමන්ගේ මස් පිඩු වර්ධනයට, නම්‍යශිලීත්වයට හා ශරීර යෝග්‍යතාවයටත් , තරුණ පිරිසට තමන්ගේ අනන්‍යතාවය ගොඩනගා ගැනීමටත් නර්තනය යොදාගන්න පුළුවන්. ඒවගේම නර්තනයේ තියන තවත් විශේෂත්වයක් තමයි ආබාධිත පුද්ගලයෙකුට උවත් යෙදිය හැකි වීම. ඔවුන්ට සාමාන්‍ය ක්‍රීඩාවක යෙදෙන්න නොහැකි උනත් අත් පා චලනය , ඇඟ චලනය කිරීම හරහා නර්තනයේ යෙදෙන්න පුළුවන්. ඒ පිලිබඳ වර්තමානයේ විවධ අත්හදා බැලීම් කරන්න පෙළඹිලා තියනවා.

New England Journal of Medicine නම් සඟාරාව පෙන්වා දෙන පරිදි මානසික අවපාතයන්ට ලක් උන වැඩිහිටි පුද්ගලයන් සංගීතයකට අනුව නර්තනයේ යෙදීම ඔවුන්ගේ මතකය නැවත ආවර්ජනයට සහය වෙනවලු. ඒ සඳහා ඔවුන් සතියකට දෙවරක් නර්තනයේ යෙදීම ඔවුන් නිර්දේශ කරනවා. ඒවගේම අධ්‍යනයන්ට අනුව කැලරි දහනය සඳහා නර්තනය තමයි පහසුම හා වේගවත්ම ක්‍රමය. මෙය දිවීම, බර එසවීම, දැල්පන්දු ක්‍රීඩාවේ දීම තරම් සාර්ථක ක්‍රමයක් නොවුනත් මෙය ඉතා පහසු වීම නිසා තවත් විශේෂයි. ඒවගේම වැඩිහිටි පුදගලයෙකු ඔහුගේ ශරීර යෝග්‍යතවයට අනුව හා යෙදෙන නර්තන ශෛලියට අනුව පැයක පුහුණුවකින් 150-250 අතර කැලරි ප්‍රමානයක් දහනය කරන්න හැකියාවක් ලැබෙනවා.

ඔබට ව්‍යායාම වලින් ඈත වෙන්න කියනව නෙමේ. නමුත් නර්තනයේ කියන්නේ ඔබගේ ශරීර යෝග්‍ය තාවය පවත්වාගෙන යන්න තියන පහසුම, සාර්ථකම හා විනොදජනකම ක්‍රමය. එයට හේතුව තමයි නර්තනයේ විවිධාකාර ශෛලීන් වගේම විශාල ප්‍රමාණයක් චලනයන් දකින්න ලැබීම. ඔබ මේ විදියට පමණක් නැටිය යුතු යයි කිසිවෙකු පවසන්නේ නෑ. ඔබගේ සිතැඟි පරිදි නිදහස් ලෙස නර්තනයේ යෙදෙන්න පුළුවන්. එයට කිසිම බාධාවක් නෑ. ඔබට අවශ්‍ය ඕනෑම මොහොතක සංගීතය සමග නටන්න. එය ඔබේ කරදර වගේම ආතතිය නැත්තටම නැති කරලා දමාවි.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

Connet With Us