නවතම සිංහල චිත්‍රපටය ‘ආලෝකෝ උදපාදි‘

Published in කලා
Thursday, 12 March 2015 13:23

ක්‍රිස්තු පූර්ව 89 දී මෙරට රජකම් කළ වළගම්බා රාජ්‍ය සමය අළලා නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණය ‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයයි.

දේශීය හා විදේශීය බලකාමී හමුදා විසින් තර්ජන ඇති කිරීමත්, දැඩි නියඟයක් නිසා දොලොස් අවුරුද්දක් ලක්වාසීන් පිඩා විඳීමත්, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කිරීම ආදී සිද්ධින් කිහිපයක් අළලා මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇත.

චිත්‍රපටය නිශ්පාදනය කර ඇත්තේ කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතාය. චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයේ තිරනාටක රචනය හා උපදේශන අධ්‍යක්ෂණය කළේ සමන් වීරමන් මහතා විසිනි.

භාරත ගිහාන් හෙට්ටිආරච්චි සම අධ්‍යක්ෂවරයා ලෙසද කලා අධ්‍යක්ෂක ලෙස සුනිල් විජේරත්නද, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්ද කටයුතු කරයි.

‘ආලෝකෝ උදපාදි‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මාධ්‍යයට නිකුත් කර ඇත.

මෙම චිත්‍රපටයේ උද්දික ප්‍රේමරත්න, බුද්ධදාස විතානච්චි, දිල්හානි අශෝකමාලා, රොෂාන් රවින්ද්‍ර වැනි නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ.

Last modified on Thursday, 12 March 2015 13:25

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us