පළමුවෙන් ම මට ඔබ ගැන හැඳින්වීමක් කරන්න. අධ්‍යාපනය, කවියට ප්‍රවිශ්ට වීමට හේතුව, පළමු නිර්මාණය පිළිබඳ මතකය වගේ දේවල් ටිකක්.
මම ශාස්ත්‍රාලීය වශයෙන් අධ්‍යාපනය ලැබුවෙ උසස් පෙළ දක්වා විතරයි. පාසල් සමයේ දී ම මම වාමාංශික දේශපාලනය සමග එකතු වෙනවා. ඊට පස්සෙ විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම්වලට එකතු වෙනවා. වීදි නාට්‍යය,කවිය, ආදී දේවල් එක්ක. නමුත් ඒවා සෑම විටම දේශපාලන න්‍යාය පත්‍ර සමග බැඳී තිබුණඒවා. ඉන් වසර ගණනාවකට පසුව මම ක්‍රියාකාරී දේශපාලනය අත්හරිනවා. ඒ අපි බලාපොරොත්තු වුණ සමාජය බිහි වුණ නිසා නම් නෙවෙයි. අභ්‍යන්තරිකව මේ ක්‍රමය දරාගැනීමට නොහැකියාව විසින් මාව කවිය වෙත යොමු කරනවා. පළමුව මට කවිය සායනික ක්‍රියාවලියක්. ඒ හරහා මම දිවිය හැර නොයා ඉන්න හේතුවක් හදා ගන්නවා. රසික පර්ෂදයක් වෙත යෑම සිදුවෙන්නේ ඉන් පසුවයි.
වාමාංශික දේශපාලනය යනුවෙන් ඔබ හැඳින් වූයේ...?
ජ.වි.පෙ දේශපාලනය. පසුව වෙනත් දේශපාලන කණ්ඩායම් සමඟ වැඩ කරනවා. නමුත්, මම පසුකාලීනව තේරුම්ගන්න දෙයක් තමයි තනි පුද්ගලයන් ලෙස සමාජ සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් කළ හැකි විශාල වැඩ කොටසක් තිබෙන බව. දැන් මම ක්‍රම විරෝධී දේශපාලන කණ්ඩායම් සමග වැඩ කරනවා. ඔවුන් අතර තිබෙන විවිධ ප්‍රතිවිරෝධතා මම සලකන්නේ නැහැ. එකඟ වෙන්න පුළුවන් කාරණා සමග මම වැඩ කරනවා.
ඔබ වාමාංශික කියල කියන විට මම දන්නවා ඒ ජවිපෙ බව. නමුත් මම ඒ ප්‍රශ්නය යොමු කළේ 1956 පස්සෙ මේ රටේ ඇතැම් අය හිතුවෙ යූ එන් පී විරෝධී හැමෝ ම වාමාංශික කියල.
ඔබ නිවැරදියි. මෙතන තිබෙනවා බරපතල ඓතිහාසික වරද්දාගැනීම් තොගයක්. මේ රටේ පැරණි ම පක්ෂය ල.ස.ස.ප. ඒක වාම පක්ෂයක්. ඒ වගේ ම මෙරට පළමු ආණ්ඩුවත් වාම ආණ්ඩුවක් බවට පත් කරගන්නට තිබුණා,සමහර වරද්දාගැනීම් නොතිබුණා නම්. ගැටළුව මේකයි. ‘මහා ජයග්‍රහණයක් වෙනුවෙන් සුළු අප්‍රසන්නතාවන්’දරාගන්න ඕන කියලා න්‍යායිකව ඇද බාමින්, සියලුම තීරණාත්මක අවස්ථාවල සුළු අප්‍රසන්නතා නිසාවෙන් මහා ජයග්‍රහණ නැති කරගත් ඉතිහාසයක් ලාංකේය වමේ ව්‍යාපාරයට තියන්නෙ.
මට හමුවෙනවා ලේඛකයෙක්. නිහඬව නමුත් බරපතල වැඩ කොටසක් කරමින් ඉන්න. එයා මහින්ද සෙනරත් ගමගේ. ඔහු මා වෙත මහත් බලපෑමක් කළ කෙනෙක්. ඔහු තමයි මට උගන්වනනේ නොඑකඟතා ගණනාවක් ගැන වද නොවී එකඟතා කිහිපයක් සමග වැඩ කරන විදිහ. ඒ වගේ ම අපි කවුරුත් දන්න, ‘කලු රංජි’ කියල අපි කවුරුත් ආදරයට කියන රංජිත් අයියා. මම හිතනවා ඔවුන් සැබෑ කොමියුනිස්ට්වාදීන් කියලා. මම යෝජනා කරන්නෙ එවැනි චරිත හදාරන්න කියලා. මම හිතනවා ලංකාවේ කලා සංස්කෘතික සමාජයට ‘කලු රංජි‘ අයියා කරපු කොටස ලොකු බරක් සහිත එකක් කියලා. විශේෂයෙන් තනි මිනිහෙක් විදිහට!
කොතරම් ජනඝාතනයක් සිදුවුණත් බොහෝ අය ජාතික කොඩි ගෙවල් ඉදිරිපිට හිටෝගෙනයි හිටියෙ. කවි ගැනත් එහෙමයි. |
ඔබේ පළමු කවිය ඉදිරිපත් කරන්නෙ නොවිකුණූ කවිකම විදියට. නමුත් එතනදිත් වෙලා තියෙන්නෙ විකිණෙන එක කියල මම යෝජනා කළොත්...?
ඔබ අදහස් කරන්නේ එය පොතකට ඇතුළත් කිරීම හරහා මිලක් නියම වෙන එක ගැන ද?
නැහැ. ඔබ එහි ලියනවා ‘‘විකුණා දෙමළ දුක නොලියමි දැනුඳු මම් කව්’’ කියල. එතන ම විකිණිලා නේද කියලයි මම යෝජනා කරන්නෙ.
මම හිතන්නෙ ඒක එහෙම නෙවෙයි කියලයි. මේක කවියේ අභ්‍යන්තර ආත්මය පිළිබඳ ප්‍රශ්නයක්. අපි දන්නවා2009 යුද්ධය අවසන් සටන් තිබුණ වකවානුවෙ මහත් ප්‍රහර්ෂයෙන් ඇලළුණු තත්ත්වයක් තිබුණෙ. කොතරම් ජනඝාතනයක් සිදුවුණත් බොහෝ අය ජාතික කොඩි ගෙවල් ඉදිරිපිට හිටෝගෙනයි හිටියෙ. කවි ගැනත් එහෙමයි. යුධ සමයෙදි ද නැති ද කියා නැතිව ආත්මීය ප්‍රකාශනයක් විදිහට කවිය එක්ක වැඩ කළ අය හිටියා. මංජුල වෙඩිවර්ධන, අජිත් සී. හේරත් වගේ අය. නමුත්, කතිකාවට අනුව කවි ලියන කවිය අස්සෙ මේ කතන්දරේ සරලමතික කරන තත්වයක් බිහිවුණා. ඒකෙ රිදුමයි ඒ කවිය අස්සෙ තියන්නෙ. වතාවක් මට මතකයි දීප්ති කුමාර ගුණරත්න කියා තිබුණා ‘ලංකාවෙ ආර්ටිස්ට් කෙනෙක් වෙන්න ආර්ට් දැන ගන්න ඕන නැහැ. ඩිස්කෝස් එක කියවල ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්’ කියලා. චිත්‍රකලාව සම්බන්ධ යමකට එහෙම කිව්වා වගේ මතකයක් මට තියන්නෙ. නමුත් කවියට අදාළවත් ඒක සුභාෂිතයක් කියලයි මට හිතෙන්නෙ. කවියේ තාක්ෂණික මිනුම් අනුව නියම කවි ලියන්න පුළුවන්. නමුත් කවිය අස්සට ආත්ම ගේන්න බැහැ කියල මම විශ්වාස කරනවා.
ඒ එක්ක ම මහා කවීන්ද්‍රයො යුද්ධයට සහ රණවිරුවන් යැයි කියාගන්නා පිරිසකට ආවඩමින් කවි ලියූ බවත් අමතක කරන්න බැහැ නේද?
මේ ප්‍රශ්නය රත්න ශ්‍රී ප්‍රමුඛ පිරිස ගැනයි කියලා මම දන්නවා. ඇත්තට ම ඒක එහෙම තමයි. මම ඒ අස්සෙ තේරුම්ගත්ත දෙයක් තමයි මොනතරම් හිතාගෙන හිටියත් පුද්ගලයො හැටියට අපි ශක්තිමත් කියලා. ඒක එහෙම නෙවෙයි. මේක පුද්ගලයන්ගෙ ප්‍රශ්නයකට එහා ගිය සංකීර්ණ ප්‍රශ්නයක් කියලයි මම හිතන්නෙ. ටික කලකට කලින් මම කියෙව්වා මොර්ටන් රේ කියන ලේඛකයා ලිව්ව ‘වේව්’ – (රැල්ල) කියන පොත. ඒක ලොකු ආලෝකයක් වුණා මේ තත්වය තේරුම් ගන්න. ඔහු මේ පොත හරහා උත්සාහ ගන්නවා නට්සි ජර්මනියෙ මානව ශිෂ්ටාචාරයට මනුෂ්‍ය සංහතියට එරෙහි මහා අපරාධ සිදු වෙද්දි නාසින් නොවන ජර්මානුවන් ඒවා කෙරෙහි නෑසුණු කන් නොඇරුණු ඇස් ඇතිව සිටියේ ඇයි කියලා ඔහු පර්යේෂණයක් කරනවා. පාසලක පංති කාමරයක් ඇසුරෙන් නාසිවාදී ලක්ෂණ ගොඩනගනවා. කෘත්‍රිමව. ප්‍රතිඵලය ලොමු දහගන්වන සුළුයි.
‘නොඑකඟතා ගණනාවක් ගැන වද නොවී එකඟතා කිහිපයක් සමග වැඩ කරන විදිහ...’ මේ වතාවෙ ප්‍රායෝගිකව ඔප්පු වුණා කියල මම යෝජනා කළොත්?
මම හිතනවා නිවැරදි මතවාදී හයියක් සහිත දේශපාලන සමාජ ව්‍යාපාරයක් තිබුණා නම් බොහෝ අයට ඒ සෙවණට යන්නට තිබුණා කියා. |
ඔව්... මම ඒ කිව් කාරණය ඕනෑම දෘෂ්ටියක් හෝ ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් යොදාගන්න පුළුවන්. ඇත්තට ම ලාංකේය ධනේශ්වරය ඇතුළෙ කිසිම අවුලක් නැතිව මේක යොදාගැනෙනවා. ගැටලුව මතුවෙන්නෙ ඒ ක්‍රියාමාර්ගය මානවසංහතිය කෙරෙහි බලපාන විදිහ එක්කයි. ඉතා ඉක්මනින් සියලු දෙනා ඒ ප්‍රචණ්ඩත්වය ඒකාධිකාරි බවට අවනත වෙනවා එයින් තහවුරු කෙරෙන්නේ පවතින පාලක පංතියේ මතවාදය කිකලෙකත් රජයන මතවාදයම යි. ඔබ ප්‍රශ්න කළ විදිහේ තත්ත්වයන් පුද්ගලික් ප්‍රශ්න ලෙස ලඝු කරන්න සතුටක් නැහැ. මම හිතනවා නිවැරදි මතවාදී හයියක් සහිත දේශපාලන සමාජ ව්‍යාපාරයක් තිබුණා නම් බොහෝ අයට ඒ සෙවණට යන්නට තිබුණා කියා. ඔව්. මම ඒ කිව් කාරණය ඕනෑම දෘෂ්ටියක් හෝ ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් යොදාගන්න පුළුවන් ඇත්තට ම ලාංකේය ධනේශ්වරය ඇතුලෙ කිසිම අවුලක් නැතිව මේක යොදාගැනෙනවා ගැටලුව මතුවෙන්නෙ ඒ ක්‍රියාමාර්ගය මානවසංහතිය කෙරෙහි බලපාන විදිහ එක්කයි.
මේ ටිකත් ඔය උත්තරයට ම ලියාගන්න. ඔබේ ප්‍රශ්නය හරහා ඔබ දරන ආස්ථානයට මගේ පිළිතුර කොටු කරගන්න දරන උත්සාහයක් තිබෙනවා. මම වාමාංශික දේශපාලනය සම්බන්ධව දරපු අදහස එයිට හාත්පසින් ම වෙනස් සන්දර්භයක් අස්සට ගේන එක සම්මුඛ සාකච්ඡාවක් ඇතුළෙ යක්ෂ වැඩක්.
ප්‍රේමයේ අවනඩුව නමැති කවියෙන් ගැහැනියට පිරිමියා කොපමණ ආදරේ කරනව කියල කිව්වත් ගැහැනිය පිළිබඳ සාම්ප්‍රදායික මතය අත්හරින්න පිරිමි කැමති නැහැ කියල මම යෝජනා කළොත්?
ඒකෙන් කියන්න උත්සාහ කළේ ප්‍රේමයෙන් බැඳිලා ඉන්න කාලෙක ආදරයෙන් වර්ණනා කළ පෙම්වතියගේ කේශකලාපය පෙම්වතිය බිරිඳක් බවට රූපාන්තරණය වුණු පසුව ඇගේ ඒ වර්ණනා කළ කේශකලාපයේ ම කෙස් ගසක් වෑංජන දීසියක දැකල කුපිත වෙන සැමියෙක් ඒක අස්සෙ තියන උත්ප්‍රාසයයි මට කවිය අස්සට ගේන්න ඕන වුණේ.
මම ඒ ටික දැක්කෙ මතුපිට දිගහැරුම විදියට පමණයි. කොපමණ වර්ණනා කළත් ඒ හැම වර්ණනාවක් යට ම තිබෙන්නෙ ලිංගිකත්වය සහ ආශාව කියලයි මම අදහස් කරන්නෙ. ඒ එක්ක ම මිනිස් සිරුරේ ඕනෑම අංගයක් නිස්සාරයි තමයි. ඒක තේරුම් ගන්න පෘතග්ජන අපිට බැහැ. එහෙම නේද?
හරියට ම හරි. ආශාවේ උත්කර්ෂය නැතිව ගියා ම යථාර්ථය අපේ මුහුණ ඉස්සරහ හිට ගන්නවා. එවිට තේරුම්ගන්නට ලැබෙනවා. ගොඩක් දේවල් ප්‍රබන්ධ කියලා. හිත් රවටා ගැනීම් කියලා. ඒක ආත්මීය බන්ධනයකින් ගොඩක් දුරයි.
ඔබ මෙම කෘතියේ බාලචන්ද්‍රන් ගැන කවියක් ලියනවා. මට මතකයි අපේ මහා කවියෙක් සාර්ගෙ බල්ල මරපු එක ගැන ලොකුවට විවාද කළා. නමුත් බාලචන්ද්‍රන් මරපු වෙලාවෙ දෙමුඛය ම වහගෙන හිටියා. මොකක්ද මේ වෙනස?
ඒක තමයි බරපතල ම ප්‍රශ්නෙ. ඔබ කෙළින් නොකියා අහන්නෙ පරාක්‍රම ගැන යි. ඉතින් මටත් ඔය ප්‍රශ්නය ම තියනවා. ඔය කවිය ලිව්ව වෙලාවෙ, මගෙ සමීපතමයින් පවා ටිකක් සැලුම් ගත්තා. ඒ විතරක් නෙවෙයි, මගෙන් ප්‍රශ්න කළා ඇයි ‘එල්.ටී.ටී.ඊ එකෙන් මැරූ ළමයි ගැන කවි නොලියන්නෙ’ කියලත්.ඇත්තට ම එවැනි කවි මම නොලිව්වත් ගොඩක් අය ලිව්වා. නමුත් එතන ප්‍රශ්නය වුණේ ඒක නොවෙයි. ප්‍රභාකරන්ගේ පුතා ගැන කවියක් ලිවීම. ගම්වැසි ‘ගම්මු’(ගැමියො) පදරුත් අතරේ තියන්නෙ ‘නයාගෙ පැටියා නයි පැටියා’ කියලා කතාවක්. සාර් ගෙ බල්ලාටත් තිබුණ ජීවත්වීමේ අයිතිය බාලචන්ද්‍රන්ට නැති වීම මෞන ව්‍රතයෙන් ඉවසීම මටත් ප්‍රශ්නයක් තමයි.
ඔබ රැඩිකල් මතවාදියෙක්. වාමාංශික අදහස් දරන්නෙක් සහ නව්‍ය ආකාරයට සිතන්නෙක්. නමුත් ‘‘නූතන පිංගුත්තර“ හරහා ස්ත්‍රිය විවේචනයට ලක්කරනව වගේ මට දැනුණා.
එහෙම ඔබට දැනුණා නම් මම කවියෙ දි අසාර්ථක වෙලා. මට වුවමනා වුණේ නූතන පිංගුත්තරයා උදුම්බරාව හැර යන්නෙ හුදෙක් ‘පිංගුත්තරභාවය‘ නිසා ම නොවෙයි සිස්ටම් එකේ අවුල නිසා පැන නගින පැවැත්ම පිළිබඳ ප්‍රශ්න නිසා බව කියන්න.
නමුත් ඔබ කවිය අවසන් කරන්නෙ ‘‘රකින්න බැහැ ඇය’’ යනුවෙන්. එහෙම නම් ඒ පදයට ඔහු කියල යොදලත් කවියක් ලියන්න වේවි.
එයින් මම අදහස් කළේ රක්ෂා කිරීම, පෝෂණය කිරීම කරන්න බැහැ කියන එකයි.
සාකච්ඡාව අවසන් කරන්න කලින් මම කැමතියි මගේ සාකච්ඡාවෙදි කියන්න හිටපු යමක් නොකියවුණා නම් ඒ පිළිබඳව දැනගන්න. මොකද අපි කවි පොත අභිභවා ගිය සාකච්ඡාවක් කළා කියල මම අදහස් කරන නිසා.
ස්තුතියි මේ අවස්ථාවට. ඒ කියන්නෙ යමක් කියන්න දුන්න අවස්ථාවට. මගෙ ජීවිතේ මේක මහ අමාරු කාලයක්. නමුත් මම කවිපොතක් එළි දක්වනවා. මගෙ ජීවිතේ මේ කාලයේ තතු තාර්කිකව ගත්ත ම නම් මට එවැන්නක් කරන්න හැකියාවක් නැහැ. නමුත් කැමතියි කියන්න... අපි විශ්වාස කරන මානව බන්ධුතා මතින් එවැන්නක් එළි දකිනවා. ඔබ දන්නවා මෙවැනි වැඩකට තිබෙන දුෂ්කරතාවය. ඉතින් මම කැමති නැහැ මූල්‍යමය හෝ ද්‍රව්‍යමය උදව් පමණක් උත්කර්ෂයට නංවල මේ ගැන සඳහන් කරන්න. පොදුවේ කියන්න ඕන දේ තමයි, ජීවිතාශාව දල්වන සැමට ස්තුතියි!
ජයසිරි අලවත්ත - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.