කොළඹ නගර සභාවේ ආදායමින් මිලියන 30ක් හොර පාරේ යයි

Published in පුවත්
Thursday, 12 March 2015 12:02

කොළඹ නගර සභාවේ හෝටල් ආහාර හා ජලය විශ්ලේෂණය, සේවකයින්ගේ රසායනාගාර පරීක්ෂණ අයතා ලෙස පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් නගරසභාවට ලැබියයුතුව තිබු මිලියන 30 ක පමණ ආදායකම් අහිමි වී ඇති බව වාර්තාවේ.

කොළඹ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නාගරික අනුජීවී රසායනාගාරයෙහි හෝටල් සේවකයින්ගේ රසායනාගාර පරීක්ෂණ මෙන්ම ආහාර හා ජලය විශ්ලේෂණය කිරීමට මුදල් අයකිරීම 1983 වර්ෂයේ සිට සිදුවේ.

ආහාර පනත යටතේ ඇති විධිවිධාන යටතේ හා වෙළඳ බලපත්‍රය නිකුත් කිරීම සඳහා මෙම පරීක්ෂණ සිදු කරති. මෙම මුදලින් 50% පරීක්ෂණ කරන වෛද්‍යවරයාට, සේවකයින්ට හා නිලධාරීන්ට ගෙවන ලදී. 2007 වසරේ සිට එම ප්‍රතිශතය 35% දක්වා ද තමන්ට ගෙවන මුදලද හිටපු ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍යවරිය විසින් ස්වේච්ඡාවෙන්ම අඩු කරගන්නා ලදී. ඒ අනුව 65% මුදල නගර සභාවේ ආදායම වේ.

කෙසේ නමුත් වසර 2014 මැයි මසදී මෙම රසායනාගාරයට පත්වූ නව ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක වෛද්‍යවරයා වැඩ භාරගත් පසු ඔහු විසින් මෙම පෞද්ගලික පරීක්ෂණ කොළඹ 4, බෞද්ධාලෝක මාවතේ නො 61 A ස්ථානයේ, 1st Medical International නමැති හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ගේ මුනුපුරාවන ලෆීර් නැමැත්තකුට අයත් පෞද්ගලික රසායනාගාරයකට මෙම කටයුතු භාරදී තිබේ.

එසේම මෙම තැනැත්තා ප්‍රධාන පෙලේ හෝටල් වලට කතාකරමින් වෙළෙඳ බලපත්‍රය ලබාගැනීමට නම් තමන්ගේ රසායනාගාරය වෙත පැමිණෙන ලෙස බලපෑම් ද කර ඇත. මෙම රසායනාගාරයට නොගියහොත් වෙළඳ බලපත්‍රය නොදෙන බව කියා ම.සෞ . පරීක්ෂකවරු ද තර්ජනය කරති.

හෝටල මගින් කායික පරීක්ෂණ සඳහා රසායනාගාරය වෙත යොමු කරන එක් හෝටල් සේවකයකු සඳහා රුපියල් 200 ක් නගර සභා රසායනාගාරයට ගෙවනු ලැබූ අතර, නගර සභාවේ වෛද්‍යවරුන්ට මෙම ස්ථානයේ දී කරන එක් කායික පරීක්ෂණ සඳහා රුපියල් 500 මුදලක් ගෙවනු ලැබූවේය.

වසර 30 ක කාලයක් පැවැති ක්‍රමවේදය අහෝසි කොට මෙම ආදායම පෞද්ගලික රසායනාගාරයකට යැවීමට ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගන්නා මෙම ක්‍රියාව දෙපාර්තමේන්තු සේවකයන්ගේ විමතියට හේතුවී ඇත. මෙයින් දැනටමත් නගර සභාවට රු .මිලියන 30 ක පමණ ආදායමක් අහිමි වී ඇති බව ඔවුන් පවසයි.

ඒ කෙසේ නමුත් වෛද්‍ය වාර්තා ගැනීමට මෙම පෞද්ගලික රසායනාගාරයට තම මළ මුත්‍ර සාම්පල ගෙන යාමට අවශ්‍ය නොවන බවත් තමන්ව පරික්ෂා නොකරම ඔවුන් ව්‍යාජ සහතික තමන් වෙත නිකුත් කරන බවත් හෝටල් සේවකයන් පවසයි

මේ අතර ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා රාජකාරි වේලාව තුල ඔහුට තවත් ආදායමක් ලැබෙන මෘත ශරීර සීල් තැබීම, නොයෙකුත් පෞද්ගලික ආයතනවල මුදලට දේශන පැවැත්වීම සිදු කරන බව සේවකයෝ පවසති. එසේම අනෙක් වෛද්‍යවරු රාජකාරි වෙලාවල් තුල සේවයේ නොසිටීම,රාජකාරියට නොපැමින සතියේ හා සති අන්තයේ අතිකාල දීමනා ලබා ගැනීම ගැන සොයා නොබලන්නේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකවරයා ද එවැනි කටයුතු වල යෙදී සිටින නිසා බවත් සේවකයන් පෙන්වා දෙයි.

ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තරු පංතියේ හෝටල්වලට ගොස් නොමිලේ ආහාර අනුභව කිරීම් පුරුද්දක් කොට ගෙන ඇති බවත් හෝටල් ආරංචි මාර්ග පවසයි.

 

Last modified on Thursday, 12 March 2015 12:18

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us